ඇමරිකාවේ යූටාහ් ප්‍රාන්තයේ පාසල් වල බයිබලය භාවිතා කිරීම තහනමට ලක් කොට තිබෙනවා ඒ බයිබලය තුල අඩංගු යැයි සැලකෙන කෲරත්වය හා අසභ්‍යභාවය සැලකිල්ලට ගනිමිනුයි.
පසුගිය වසරෙ අගබාගයේ යූටාහ් ප්‍රාන්ත අධිකරනය විසින් පාසල් තුල ලිංගික හා අශෝබන මූලාශ්‍ර තහනම් කිරීමට නියෝග කල අතර එම යෝජනාවටම යූටාහ් ප්‍රාන්තයේ දෙමව්පියන් විසින් තම දරුවන්ගෙ පාසල් තුල බයිබලය ද තහනම් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව දෙමව්පියන් පෙන්වා දුන්නෙ බයිබලය තුල ව්‍යභිචාර ක්‍රියා (Incest), ස්වයංවින්දන ක්‍රියා (onanism), කාමුකත්වය, කෲරත්වය, වෛශ්‍යාකර්ම, ප්‍රජනක ඉන්ද්‍රියන් විකෘති කිරීම, ස්ත්‍රී දූෂණ, සහ බිළිඳු ඝාතන ආදි ක්‍රියා ඇති බැවින් එයද පාසල් තුල තහනම් කරන ලෙසටයි.
එය සැලකිල්ලට ගනිමින් ඊයෙ දින සිට පසු ගිය වසරේ හඳුන්වා දුන් නව නීතියට අනුව බයිබලයද අසභ්‍ය මූලාශ්‍ර යටතට ගැනෙන බව පවසමින් එම ප්‍රාන්ත පාසල් වල බයිබලය භාවිතා කිරීම තහනම් කරනු ලැබුවා.
එසේම The Book of Mormon එනම් The Church of Jesus Christ (mormon) පල්ලියෙ ආගමික ග්‍රන්ථද තහනම් කරන ලෙස දෙමව්පියන් විසින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී කොම් | Via: BBC
Credit: Rajitha Deshapriya