බිග් බෑෂ් තරඟාවලියේ ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු තේරී පත් වෙයි.

by Yashitha Bhashana

බිග් බෑෂ් තරඟාවලියේ ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු තේරී පත් වෙයි.

Share

"WBBL|09 තරගාවලියේ ක්‍රීඩිකාව" ලෙස චමරි අතපත්තු නම් කරයි...

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන Weber Women's Big Bash League | 09 තරගාවලියේ ක්‍රීඩකයා ලෙස Sydney Thunder කණ්ඩායම නියෝජනය කරන චමරි අතපත්තු තේරී පත් වුණා.

ඒ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමකදී චමරි වෙනුවෙන් ඡන්ද 30 ක් හිමි වුණා. ඡන්ද 29 ක් ලබා ගනිමින් චමරිට දෙවෙනි වුණේ Adelaide Strikers කණ්ඩායමේ Katie Mack යි.

මෙවර WBBL තරගාවලියේ මූලික තෝරාගැනීම්වලදී චමරිව කිසිම කණ්ඩායමක් තෝරාගත්තේ නැහැ. ඒ පසුගිය WBBL එකේ ලොකු දක්ෂතාවයක් දක්වන්න චමරිට නොහැකි වූ නිසා විය හැකියි.

එහෙත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Marizanne Kapp හට ඇති වූ අසනීප තත්වයක් නිසා ඇති වූ පුරප්පාඩුවට Thunder කණ්ඩායමට සම්බන්ධ වෙන්න චමරිට හැකි වුණා.

එම අවස්ථාව දෝතින්ම භාරගත් චමරි තරග 14 කට සහභාගී වෙමින් ඉනිම් 13 කදී ලකුණු 511 ක් රැස් කළේ තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර දෙවෙනි ස්ථානයට පත් වෙමින්.

ලකුණු සාමාන්‍ය 42.58 ක් හා ලකුණු ලබා ගැනීමේ වේගය 129.69 ක් ලෙසයි සටහන් වෙන්නේ.

මෙම ඉනිම් 13 ට අර්ධ ශතක 5 ක් ඇතුළත්.

පන්දුවෙන්ද දස්කම් දැක්වූ චමරි කඩුළු 9 ක් ලබාගත්තේ ඕවරයකට ලකුණු සාමාන්‍ය 6.79 ක් තබා ගනිමින්.

ක්‍රිකට් ක්‍රීඩාවට ලංකාවේ මිනිස්සු මේ වෙලාවේ ළංකරලා තියාගන්න එකම හේතුව වෙන චමරි අතපත්තුට අපි හැමෝගෙම උණුසුම් සුභ පැතුම්....