Barcode Scanner එකෙන් රීඩ් වෙන්නේ කළු පාට බාර්ස් නොව සුදු පාට ගැප්ස් බව ඔබ දන්නවාද?

by Vikum Harshana

Barcode Scanner එකෙන් රීඩ් වෙන්නේ කළු පාට බාර්ස් නොව සුදු පාට ගැප්ස් බව ඔබ දන්නවාද?

Share

"Barcode Scanner එකෙන් රීඩ් වෙන්නේ කළු පාට බාර්ස් නොව සුදු පාට ගැප්ස් බව ඔබ දන්නවාද?" ⬛️⬜️⬛️⬛️⬜️ ⬛️⬜️ අපි හැමෝම දන්න Barcode Scaaner එකක සරලම ක්‍රියාවලිය වෙන්නේ මෙහෙමයි. මුලින්ම Scanner එකේ තියෙන ලේසර් ලයිට් එක වදිනවා barcode එකේ. ඊටපස්සේ කළු පාට බාර්ස් ටික ආලෝකය අවශෝෂණය කර ගනිද්දී, සිදු පාට ගැප්ස්වලින් ආලෝකය නැවත පරාවර්තනය වෙනවා. ඔය පරාවර්තනය වෙන ආලෝකය නැවත scanner එකේ තියෙන photodiode එකකින් රිසීව් කරනවා. ආලෝකය නැවත පැමිණුනේ නැති කළු බාර්ස්වලට අදාල කොටස් 1 ලෙසත්, ආලෝකය නැවත පැමිණුන සුදු ගැප්ස්වලට අදාල කොටස් 0 ලෙසත් බයිනරි ඩිජිට්ස් 95 ක කෝඩ් එකක් හැදෙනවා. එකෙන් තමයි අවසාන කෝඩ් එක නිර්මාණය කරන්නේ.