අද Sri COM at 7 සෙග්මන්ට් එකෙන් අපි කතා කරන්නේ
කිසිම කෙනෙක් දැකල නැති ජනප්‍රිය බැබිලෝනියාවේ එල්ලෙන උයන ගැන. 🏛️
පැරණි ලෝකයේ මහා පුදුම 7 න් එකක් තමයි බැබිලෝනියාවේ එල්ලෙන උයන කියන්නේ. මේක ගැන කුඩාම කාලේ අහද්දි මට දැනුනේ අහස උඩ එල්ලලා වගේ තියන උයනක් කියලා.
හැබැයි බැබිලෝනියාවේ එල්ලෙන උයනක් තිබුණා කියලා කිසිම ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාක්ෂියක් මේවන තුරු සොයාගෙන නෑ.
පුරාණ ලෝකයේ අනිත් පැරණි පුදුම 6 ගැනම මොකක් හෝ සාක්ෂියක් ඉතුරු වෙලා තියෙනවා.නමුත් බැබිලෝනියාවේ එල්ලෙන උයනක් තිබුණද නැද්ද කියන්න කිසිම සාධකයක් තවම සොයාගෙන නෑ.
දැනගැනීම පිණිස පැරණි ලෝකයේ පුදුම 7 මම නම් කරලා දාන්නම්.
- ගීසාහි මහා පිරමීඩ
- ඔලිම්පියාවේ සියුස් දේව ප්රතිමාව
- ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය
- රෝඩ්ස්හි කොලෝසස් ප්රතිමාව
- එපිසස් හි ආටිමීස් දේවාලය
- මොසලෝනස් ගේ සොහොන් කොත
- බැබිලෝනියාවේ එල්ලෙන උයන
එල්ලෙන උයන ගැන කිසිම සාක්ෂියක් නැතිනම් ඒක පැරණි ලෝක පුදුම 7 ට ඇතුලත් කරලා තියෙන්නේ ඇයි ?
පැරණි ලෝක පුදුම 7 නම් කරලා තියෙන්නේ මොකක් හරි සංවිධානයකින් නෙමෙයි.පුරාණ කාලයේ ජීවත් වූ ග්‍රීක බැබිලෝනියන් කතුවරු සහ ඉතිහාසකරුවන් විසින්.
ක්‍රිස්තු පූර්වයෙන් දෙවන සියවසේ වගේ කාලයේ ෆිලෝ, ඇන්ටිපෙටර් වගේ ග්‍රීක කතුවරු ලෝකය පුරා තිබුණු විශිෂ්ට මිනිස් නිර්මාණ නම් කළා.ඒව තමයි අපි පැරණි ලෝකයේ පුදුම කියලා හඳුන්වන්නේ.
ඇන්ටිපෙටර්ගේ එපිටම් ( Epitome) කියන පද්‍ය පන්තියේ මේ පුදුමයන් ගැන සඳහන් වෙලා තියෙනවා.
බැබිලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කළා කියලා සැලකෙන්නේ ක්‍රිස්තු පූර්වයෙන් 6 වන සියවසේ.ඒ කියන්නේ ජේසුස් වහන්සේ ඉපදෙන්න වසර 600 කට විතර කලින්. නමුත් අපට හමුවන ඉතිහාස වාර්තා තියෙන්නේ එල්ලෙන උයන විනාශ වෙලා වසර දෙසීයක් තුන්සියයක් විතර ගියාට පස්සේ රචිත ලේඛන වල.ඒවත් කතුවරයා විසින් සිය ඇසින් දැකපු දේවල් නෙමෙයි. සංචාරකයන්,වෙළෙන්දන් ආදී පිරිස් විසින් විස්තර කරපු වාර්තා විදියට තමයි තියෙන්නේ.
බැබිලෝනියාවේ එල්ලෙන උයන කියන්නේ මං පොඩි කාලේ හිතාගෙන හිටියා වගේ අහස උඩ එල්ලෙන උද්‍යානයක් නෙමෙයි. මේක තට්ටු ආකාරයෙන් නිර්මාණය කරන ලද ගොඩනැගිලි සංකීර්ණයක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද උද්‍යානයක්.
මෙසපොතේමියාව නැත්තම් යුප්‍රටීස් ටයිග්‍රීස් ගංඟා නිම්න ආශ්‍රිතව බිහිවුණු මානව ශිෂ්ටාචාරය කියන්නේ ලෝක ඉතිහාසයේ සුවිශේෂී ශිෂ්ටාචාරයක්. බැබිලෝනියා නගරය අයත් වන්නේ වර්තමාන ප්‍රදේශයෙන් ඉරාකයට.
බැබිලෝනියානු ඉතිහාසය ඉතා ලේසියෙන්ම වසර 7000 ක් වගේ ඉතිහාසයට දිව යනවා.ඊටත් වඩා අතීතයක් තියෙනවා.
ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ දෙවන නෙබකැඩ්නාසාර් රජු (Nebuchadnezzar II) විසින් තමයි තම රැජිණ වූ ඇමතිස් (Amytis) වෙනුවෙන් මේ උද්‍යානය නිර්මාණය කළා කියලා සැලකෙන්නේ. කොහොම වුණත් රාජකීයන් විසින් තම රාජ්‍යයේ ප්‍රතාපවත් බව වගේම හුදෙක් පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් මේ උද්‍යානයන් නිර්මාණය කරලා තියෙනවා කියලා හිතන්න පුළුවන්.
විශේෂයෙන් දෙවන නෙබකැඩ්නාසාර් රජු විසින් තම දේවියගේ උපන් ප්‍රදේශය සිහිවෙන්න වගේම ඇයට උපන් ප්‍රදේශයේ අඩුව නැති වෙන්න විසිතුරු ගස් කොලන්, මල් වර්ග ආදි හරිත පැහැයෙන් පරිසරයක් නිර්මාණය කරා කියන එක තමයි බැබිලෝනියාවේ එල්ලෙන උයනේ ප්‍රසිද්ධම කතාව.
උයනේ විනාශය ගැන කිසිම සාක්ෂියක් නෑ.නමුත් විවිධ මත මේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා.බැබිලෝනියාව ආශ්‍රිත ප්‍රදේශවලට ඇති වූ භූමිකම්පා හේතුවෙන් උද්‍යනය විනාශ වුණා කියන එක එක් මතයක්. අනික් පැරණි ලෝකයේ පුදුම කිහිපයකටත් මේ භූමිකම්පා බලපාලා තියෙනවා.
තවත් මතයක් තමයි පසුකාලීන ආක්‍රමණිකයන් විසින් මේ උයන් පද්ධතිය විනාශ කරා කියන එක. විශේෂයෙන් ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ මහා ඇලෙක්සැන්ඩර් රජු බැබිලෝනියාව පාලනය කරාට පස්සේ සිදු වූ කඩා වැටීමෙන් පස්සේ.
ඊට අමතර කාලයාගේ ඇවෑමෙන් විවිධ පාරිසරක හේතු සහ ඉස්ලාම් ආක්‍රමණ හේතුවෙන් මේක විනාශ වුණා කියලත් මතයක් තියෙනවා.
බැබිලෝනියාවේ එල්ලෙන උයන ගැන සඳහන් පුරාණ වාර්තා...
ක්‍රිස්තු පූර්ව 64-23 ත් අතර කාලයේ ජීවත් වූ ග්‍රීක භූගෝල විශේෂඥයෙක් සහ ඉතිහාසකරුවෙක් වූ ස්ට්‍රබෝ (Strabo) විසින් පැරණි යුගයේ තිබුණු ඉංජීනේරු තාක්ෂණයේ විශිෂ්ට නිර්මාණයක් විදියට මේ උයන් ගැන විස්තර කරලා තියෙනවා ඔහුගේ "Geography" කියන පොතේ.
"it has an incredible height, being overhung by gardens of a beauty unsurpassed."
- Strabo -
බයිසැන්ටියාවේ ෆීලෝ විසිනුත් ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ මෙම එල්ලෙන උයන ගැන සඳහනක් දක්වල තියෙනවා.
"a work of art by a lover of beauty… And I, because of their beauty and because of the great admiration which they inspire in me, have decided to describe them."
- Philo of Byzantine -
ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ජීවත් වූ බැබිලෝනියානු ජාතික ඉතිහාසකරුවෙක් සහ පූජකයෙක් වූ Berossus විසිනුත් ඔහුගේ "Babyloniaca" ග්‍රන්ථය තුළ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිමැවුමක් විදියට මේ උද්‍යානය හඳුන්වලා තියෙනවා.
ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසේ ජීවත් වූ යුදෙව් ජාතික Josephus විසිනුත් මෙවැනි එල්ලෙන උයන් නිර්මාණය ගැන සඳහන් කරලා තියෙනවා.
"planted with all sorts of trees, which a man can gather on mountains, and to make them the more remarkable, they rise up like several stages of a theatre."
- Diodorus Siculus -
මේ සියලු වාර්තා ලියවිලා තියෙන්නේ එල්ලෙන උයන් පැවැතුණු යුගයට පසු කාලීනව වසර සිය ගණනක් ගියාට පස්සේ.
මේ ඉතිහාස වාර්තා වලින් පෙනී යන්නේ මේ උද්‍යාන ඉතාම මනරම් හරිත වර්ණයෙන් වගේම සුවිශේෂී ඉංජිනේරු තාක්ෂණයකින් යුක්තව නිර්මාණය කළ නිර්මාණයක් විදියට.
තවත් මෑතකාලීන මතයක් තමයි මේ එල්ලෙන උයන් තිබිලා තියෙන්නේ බැබිලෝනියාවේ නෙමෙයි, නිනේවා වල කියන එක.නිනෙවා නගරය බැබිලෝනියාවේ ඉඳන් සැතපුම් 300 ක් පමණ දුරින් පිහිටා තිබුණු බැබිලෝනියාවට වඩා වෙනස් නගරයක්.
Nenevah නගරය කේන්ද්‍ර වෙන්නේ පුරාණ ඇසිරියානු අධිරාජ්‍යයක් මුල් කරගෙන.මේ නගර දෙකම ඉතාම සුවිශේෂී නගර දෙකක්.
Nenevah නගරයට Old Babylonia කියලත් හඳුන්වපු අවස්ථා තියෙනවා කියල තියනවා.කොහොම වුනත් මේ නගර දෙකම අවුරුදු 8000 කට වඩා ඉතාම පොහොසත් ඉතිහාසයකින් හෙබි නගර දෙකක්.
බැබිලෝනියානු එල්ලෙන උයන් වගේම Ishthar දොරටුවත් ඉතාම වැදගත්.නගරයට ඇතුල් වීමට හා පිටවීමට නිර්මාණය කරන ලද ප්‍රාකාරයක් හෙබි සුවිශාල හා අලංකාර දොරටුවක්.යුද්ධයට හා ආදරයට අධිපති ඉෂ්තාර් දෙවඟන වෙනුවෙන් තමයි මේක ඒ නමින් නම් කරලා තියෙන්නේ. ඒ ගැන පසුව කතා කරමු.
බැබිලෝනයානු එල්ලෙන උයන් ඇත්තටම තිබුණද ?
මේකට අපිට රිජු උත්තරයක් දෙන්න බැහැ.නමුත් අපට දැනට ඒ සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ කියන්න පුළුවන්. මෑත කාලිනව සිදු වූ ඉරාක යුධ තත්ත්වයන් නිසා මේ වගේ දේවල් ගවේෂණය කිරීමත් පහසු නෑ.
මගේ පෞද්ගලික අදහස එහෙම විශිෂ්ට ඉංජිනේරු තක්ෂනයෙන් හෙබි උයන් සමූහයක් මීට අවුරුදු 2700 කට විතර කලින් මෙසපොතේමියාවේ තියෙන්න ඇති. ඔවුන් නගර නිර්මාණයේ විශිෂ්ටයන්.
ඒ වගේම කර්කෂ කලාපයේ හරිත පැහැයෙන් උස්ව නිර්මාණය කරන ලද ගොඩ නැහිලි සංකීර්ණයක තිබූ ගස් කොළන් ඈතට එල්ලෙන උයනක් සේ දිස්වෙන්න ඇති. ඔවුන් සතුව ජල කළමනාකරණ සඳහා විශේෂ උපක්‍රමත් තියෙන්න ඇති.සමහර විට මීට අවුරුදු 2600 කට කලින් ඉරාක,ඉරාන පෙදෙස්වල දේශගුණය යම් වෙනස් විමකට භාජනය වෙලා තියෙන්නෙත් පුළුවන්.කොහොම වුනත් යුප්‍රටීස් ටයිග්‍රීස් නිම්න වලින් ලැබෙන ජලය සහ වැසි ජලය ඔවුන් මානව කළමනාකරණය කරලා එම උයන් පද්ධති පවත්වාගෙන යන්න ඇති.
ඉරාකය,ඉරානය කියන්නේ මානව ශිෂ්ටාචාරයේ තොටිල්ල විදියට හඳුන්වන කලාපය. තවමත් නොවිසුදුණු නිර්මාණයන් පවා තියන වටිනා කලාපයක්.පුරාණ බැබිලෝනියාව කියන්නේ අද තියන ඉරාකය නෙමෙයි. විද්‍යාඥයින්,තාරකා විද්‍යාඥයන්,වෛද්‍යවරු, ගෘහ නිර්මාණ ශිල්පීන්,නගර ශිල්පීන්, ගණිතඥයන් වගේ සුවිශේෂී මිනිසුන් හිටපු කලාපයක්. අපි හෙමින් ඒ ගැන කතා කරමු.
✍️Admin: Pasindu Herath