ටයිටන් සටන

by Yashitha Bhashana

ටයිටන් සටන

Share

හෙලෝ Weebs ඔන්න කාලෙකට පස්සෙ දිග හෑල්ලක් ගෙනාවා කලිනුත් හෑලි ලිව්වට මේකේ ඉන්න මහ ඇඩ්ඩින් pg yla දාන්නෑ මෙව්වා😑ඒ උනාට මාව නවත්තන්න කාටවත් බෑ මම දිගටම ලියනවා😌 මොකද මම Yeagerist කෙනෙක් Always Tatakae😼හෝව් හෝව් මොකක්ද මේ යේගරිස්ට් කතාවයි තතකයේ කතාවයි...?ගොඩක් අයට පැහැදිලි කරන්න ඕන වෙන්නෑ මොකක්ද මේ කියලා..

Shingeki no Kyojin එහෙමත් නැත්තම් Attack on Titan අන්තිම එපිය නොවැම්බර් 4 විකාශය වෙනව ඉතින් හෙට තමා මේක රිලීස් වෙන්න තියෙන්නෙ ඒ වගේම තමා හයිප් එකත් උපරිමේටම තියෙනවා😌 2013 ඉදන් බලන් ඉදපු ඒ කතාවෙ අවසානෙට ලගා වෙනකොට කෝමත් හයිප් එක වැඩියිනේ...මේ ඇනිමෙ එකේ විශේෂත්වය වෙන්නෙ ඇනිමෙ ෆෑන්ස්ලා නොවුනත් මේ කතාව බලන්න පටන් ගන්න එක😌අපේ මහ ඇඩ්ඩින් pgy කිරිමලුත් ඇනිමෙ වලට බැනල බැනල අන්තිමේදී මේක බලන්න පටන්ගත්තා😼 ඉතින් AoT කියන්නෙ දශකයේ ආපු හොදම ඇනිමෙ වලින් එකක් කියන්න පුලුවන්

කට්ටිය මේකට මාතරපීස් කියලත් කියනව ඒ උනාට එහෙමමත් නෙමේ හොදම ඇනිමෙ වලින් එකක් කියන්න පුලුවන් ( දැන් කමෙන්ට් අස්සෙ වැලලෙන්න එපා මූ දන්න මගුලක් නෑ කියලා😒) Aot තමා මන් මුලින්ම බලන්න ගත්ත Anime series එක ඒකත් යාලුවෙක් recommend කරපු නිසා ඊට කලින් මටත් ඇනිමෙ කියන්නෙ මහ එපාකරපු දෙයක්😶ඉතින් Personally මගෙ ආසම ඇනිමෙ එක තමා AoT කියන්නෙ

මන් මේ ඇනිමෙ එකට කැමති වෙන්න හේතු කිහිපයක් තියෙනවා...එකක් තමා Plot twists ප්ලොට් ට්විස්ට්ස් තියෙන හොදම ඇනිමෙ එකක් විදියට මේක අදුන්වන්න පුලුවන්. තව එකක් තමා උපරිම Violence ගතිය සමහර දර්ශන බලන් ඉන්න අපහසුයි💀මට නම් ආස හිතෙනව ඒව බලද්දි😌 අනිත් එක තමා ලීවායි ඇකර්මන් ඩයල් එක නැත්තම් ඇනිමෙ එක හෙනටම බෝරින්😅 අන්තිමට මගෙ කස් එක මිකාසා😍ඔය වගේ හේතු ගොඩක් හින්දා AoT මගෙ ආසම ඇනිමෙ එකක් වෙනවා.

සේරම කිව්වට මේ දේවල් තේරෙන්නෙ නැති අයත් ඉන්න නිසා ඇනිමේ එක ගැන විස්තර ටිකකුත් කියන්නම්.මේ ඇනිමෙ එකත් හදන්න පාදක වෙලා තියෙන්නෙ Hajime isyama ගෙ shingeki no kyojin නැත්තම් Attack on Titan කියන මන්ගා එක. මන්ගා එක ගැන විස්තර මන් කියන්න යන්නෑ ඒක මෙතෙන්ට අදාල නැති හින්දා. Aot මුල් සීසන් තුන ඇනිමේට් කලේ Wit studio එකෙන් අන්තිම සීසන් එක සහ දැන් එන අන්තිම එපිසෝඩ් එක ඇනිමේට් කරන්නෙ Mappa studio එක. කවුරුත් දන්න Chainsaw man සහ Jujutsu kaisen කියන ඇනිමෙ දෙකත් ඇනිමේට් කරන්නෙ Mappa studio එකෙන්. ඒ වගේම මේකේ එපිසෝඩ් 88ක් දැනට රිලීස් වෙලා තියෙනවා එන්න තියෙන එපිසෝඩ් එකත් එක්ක එපිසෝඩ් 89ක් සම්පූර්නෙන් තියෙනව සහ ova එපිසෝඩ් 8ක් රිලීස් වෙලා තියෙනවා.

නොබලපු අයට ස්පොයිල් නොවෙන විදියට මේ කතාවෙ සාරාංශය කිව්වොත් තාප්ප වලින් වටවුනු ජනපදයකට තඩි කැත යෝදයො කඩා වැදිලා මිනිස්සු කකා යන සිද්දියක් තමා මේ කතාවෙ තියෙන්නෙ😅ඔච්චර සරලව කිව්වට කතාව ඊට වඩා ලස්සන සංකීර්න කතාවක් ස්පොයිල් නොවෙන්න ඕන නිසා තමා ඔහොම කිව්වෙ😌

ඇනිමෙ එක ආපහු මුල ඉදන් බලන්න කම්මැලි අයට කතාව ආපහු මතක් කරගන්න ලේසි වෙන්න තමා මෙතනින් පස්සෙ ලියන්නෙ අන්තිම එපිසෝඩ් එකට කලින් වෙච්ච දේවල් අමතක නම් සෙට් නෑනෙ😌කතාව බලල නැති අය බලන්න ඉන්න අය මෙතනින් පස්සෙ කියවනව නම් ස්පොයිල් වෙයි කියල තමා කියන්න තියෙන්නෙ. ඉතින් කට්ටිය හිටියෙ ඇනිමෙ එක ඉවරවෙනකන් නම් දැන්ම බලන්න පටන් ගන්න නොවැම්බර් හතරවෙනිදට අන්තිම එපිසෝඩ් එකත් බලන්න පුලුවන් එතකොට😌 ඒනම් මෙතනින් කියවල ඉවරවෙන අයට කියන්න තියෙන්නෙ Itterasshai minna.

Then let's begin the rumbling💀

හරි අපි පටන් ගමු සීසන් 1 එකේ ඉදලා. සීසන් 1 එකේ මුලදිම අපිට ශිගන්ශිනා වල තාප්පෙට පහර දෙන කොලෝසල් ටයිටන්ව බලාගන්න පුලුවන්. කොලෝසල් ටයිටන් ශිගන්ශිනා වල තාප්පෙ බිදල දාද්දි ඇතුලට ටයිටන්ලා එන්න පටන් ගන්නවා ඒ නිසාම අපේ mc වෙන එරන්ගෙ අම්මව ටයිටන් කෙනෙක් කනවා. එතනදි එරන් ටයිටන්ලව සම්පූර්නෙන්ම විනාශ කරන්න හිතාගන්නවා. ශිගන්ශිනා බිදවැටීමත් එක්කම වෝල් මරියා බිදවැටෙනවා ඉතින් වෝල් මරියාවෙ හිටපු මිනිස්සු ඔක්කොම වෝල් රෝස් වලට යනව. ඒ වගේම අපිට මෙතනදි ආමඩ් ටයිටන්වත් බලාගන්න හම්බෙනවා. ඊලගට එරන් ට එයාගෙ තාත්තා ග්‍රීශා යේගර් ගෙදර බිම්මහලේ යතුර දෙනවා. ඒත් එක්කම ටයිම් ස්කිප් එකක් වෙනවා. එරන්, මිකාසා, ආර්මින් කැඩෙට්ස්ලා විදියට එකතුවෙනවා. මෙතනදි අපිට තවත් කැරැක්ටර්ස් ටිකක් අදුන්නල දෙනවා. රෙයිනර්, බර්තෝල්ඩ්, ඇනී, ජාන්, කොනී, සාශා, යුමිරේ, ක්‍රිස්ටා. ඊලගට කොලෝසල් ටයිටන් ආපහු පහරදෙනවා. ඒ පහරදීම හින්දා වෝල් රෝස් බිදවැටෙනවා මෙතනදි ආපහු ටයිටන්ලගෙ පහරදිම හින්දා කැඩෙට් කෝප්ස්ලා ගොඩදෙනෙක් මිය යනවා. මෙතනදි අපිට එරන් කියන්නෙත් ටයිටන් කෙනෙක් කියල දැනගන්න හම්බෙනවා. එතන සිද්දියෙන් පස්සෙ කමාන්ඩර් පික්සිස් සහ නගර ආරක්ශකයො එරන්ගෙ ටයිටන් එක්ක එකතු වෙලා වෝල් රෝස් වල සිදුර වහන්න සමත් වෙනවා.

ඔතනින් පස්සෙ එරන්ව නඩු විභාගෙකින් Survey corps එකට බදවගන්නවා සහ කැඩෙට් කෝප්ස්ලගෙ ගොඩදෙනෙක් Survey කෝප්ස් වලට බැදෙනවා. ශිගන්ශිනා වල තියෙන එරන්ගෙ ගෙදර බිම් මහලේ ඇති දේ දැනගන්න Survey corps ලා ශිගන්ශිනා නැවත අල්ලගැනිමේ මෙහෙයුමක් දියත් කරනව. Survey corps එරන්ගෙ බලය ගැන පරීක්ශා කරන අතරතුර නැවත ශිගන්ශිනා අල්ලගන්න මෙහෙයුමේදි ෆීමේල් ටයිටන්ගෙ ප්‍රහාරයකට ලක් වෙනවා. මෙතනින් පස්සෙ ෆීමේල් ටයිටන් කියන්නෙ ඇනි ලියොන්හාර්ට් කියල අපිට දැනගන්න හම්බෙනවා. එරන් විසින් ඇනීව පරාද කරල ඇනීව කන්න හදද්දි ඇනී වටේට ක්‍රිස්ටල් එකක් නිර්මානය වෙලා ඇනී කෝමා තත්වයකට පත් වෙනවා. සීසන් 1 මෙතනින් අවසන් වෙනවා

සීසන් 2 පටන් ගන්නෙත් සීසන් 1 සටන ඉවර වෙච්ච තැන ඉදන්. එතනදි අපිට දැනගන්න හම්බෙනව වෝල් ඇතුලේ ටයිටන්ලා ඉන්නව කියලා. එතනින් පස්සෙ වෝල් රෝස් ඇතුලෙ ටයිටන්ලා සමග කැත වානරයා එහෙමත් නැත්තම් බීස්ට් ටයිටන්ව අපිට හම්බෙනවා. වෝල් රෝස් බිදිච්ච තැන හොයාගෙන යන රෙයිනර් ඇතුලු කන්ඩායම watch tower එකක හිර්‍රවෙනව වටේට ටයිටන්ලා ඉද්දි. එතනදි අපිට දැනගන්න හම්බෙනවා යුමිරේ කියන්නෙත් ටයිටන් කෙනෙක් කියලා. කොහොමහරි එතෙන්ට එරන් සහ පිරිස ඇවිත් කට්ටියව බේරගන්නවා සහ අපිට දැනගන්න හම්බෙනව ක්‍රිස්ටගෙ ඇත්ත නම හිස්ටොරියා කියලා😌

ඊට පස්සෙ තමා මේකෙ තිබ්බ ලොකුම අභිරහස විසදෙන්නෙ. රෙයිනර් කියන්නෙ ආමඩ් ටයිටනුත් බර්තෝල්ඩ් කියන්නෙ කොලෝසල් ටයිටනුත් කියල දැනගන්න හම්බෙනවා. ඔතන සටනක් ගිහින් ආමඩ් ටයිටනුයි කොලෝසල් ටයිටනුයි එරන්වයි යුමිරෙවයු අරගෙන පැනල යනවා. එරන්ව බේරගන්න මෙහෙයුම ඊලගට ක්‍රියාත්මක වෙනවා. ඒ මෙහෙයුම අතරතුරදි එර්වින්ගෙ අතක් නැතිවෙනවා, එරන්ට ටයිටන්ලා පාලනය කරන්න පුලුවන් ෆවුන්ඩින් ටයිටන් පවර්ස් තියෙනව කියලත් දැනගන්න ලැබෙනවා. එතන සටනෙන් පස්සෙ සීසන් 2 අවසන් වෙනවා අභිරහස් ගොඩක් ඉතුරු කරගෙන

සීසන් 3 විකාශය වෙන්නෙ කොටස් දෙකක් විදියට පාට් 1 සහ පාට් 2. පාට් 1 එකේදි එරන් හොදටම දුර්වල වෙලා ඉන්නවා අපිට බලාගන්න පුලුවන්. මේකෙදි පැරඩයිස් වල දේශපාලන පැතිකඩ ගැන තමා ලොකුවට කතාබහ යන්නෙ. එරන්වයි හිස්ටොරියවයි පැහරගන්න අතර ඒ පැහැරගන්නෙ හිස්ටොරියගෙ තාත්තා රොඩ් රෙයිස් විසින්. එතනදි අපිට දැනගන්න හම්බෙනව හිස්ටොරියා කියන්නෙත් රාජකීය ලේ තියෙන කෙනෙක් කියලා. ඒ වගේම ටයිටන්ලා සහ මිනිස්සු අතර තිබ්බ සටන මිනිස්සු මිනිස්සු අතර සටනක් දක්වා වැඩිවෙනවා. අපිට තවත් කැරැක්ටර් එකක් හම්බෙනවා කෙනී ඇකර්මන් කියල සීරියල් කිලර් කෙනෙක්. ඉතින් ඔය ඔක්කොමත් එක්ක අපිට තිබ්බ තවත් ප්‍රශ්නයක් විසදෙනවා ඒ තමා එරන්ට කොහොමද ටයිටන් පවර්ස් ලැබුනෙ කියලා. එතනින් පස්සෙ රෙයිස් විසින් හිස්ටොරියට එරන් ගාව තියෙන ෆවුන්ඩින් ටයිටන් පවර්ස් ගන්න බල කරනවා.

ඒ වැඩේ වරදින හින්දා රෙයිස් ටයිටන් කෙනෙක් වෙද්දි එරන් සහ හිස්ටොරියා හිටපු උමං මාර්ගය විනාශ වෙනවා.එරන් එයාගෙ ටයිටන් දැඩි වීමේ බලය උපයෝගි කරගෙන එතනින් බේරෙනවා. රෙයිස් නගරය විනාශ කිරීමට නගරය දෙසට යද්දි ඔහුවත් විනාශ කරනවා ඒ අතරතුර වෝල් ශිනා වල බල අරගලයක් ඇතිවෙලා බොරු රජතුමාව බලයෙන් පහ කරනවා. නව රැජින ලෙස හිස්ටොරියා පත් වෙනවා. එතනින් පාට් 1 අවසන් වෙනවා

පාට් 2 වලදි ශිගන්ශිනා නැවත ලබාගන්න මෙහෙයුම නැත්තම් අවසන් මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. ඒ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදි බීස්ට් ටයිටන්, ආමඩ් ටයිටන්, කොලෝසල් ටයිටන් සමග සටන් කිරීමට survey corps ලට සිද්දවෙනවා. එතනදි ගොඩක් අය නැතිවෙනව ඒ වගේම එර්වින් ස්මිත් ටත් ජීවිතෙන් සමුදෙන්න සිද්දවෙනවා. අවසානෙදි ආර්මින් ට කොලෝසල් ටයිටන්ගෙ බලය ලැබෙන අතර බිම් මහලේ තිබුනු රහස සියල්ලන්ටම දැනගන්නට ලැබෙනවා.

ඒ වගේම එරන්ගෙ ටයිටන්ගෙ නම ඇටෑක් ටයිටන් කියලත් දැනගන්නව වගේම එරන්ගෙ තාත්තගෙ අතීතයත් අපිට මේකෙදි දැනගන්න හම්බෙනවා. ඒ වගේම තමා බීස්ට් ටයිටන් එහෙමත් නැත්තම් සීක් යේගර් කියන්නෙ එරන්ගෙ සහෝදරයා කියලත් අපිට දැනගන්න ලැබෙනවා. සම්පූර්න පැරඩයිස් දූපතෙන්ම ටයිටන්ලා නැතිකරල දාලා පැරඩයිස් නිදහස් දූපතක් බවට පත් කරනව. එතනදිත් අපිට තවත් අභිරහස් ගොඩක් ඉතුරු කරල සීසන් 3 අවසන් වෙනවා.

අන්තිම සීසන් එක පටන් ගන්නෙ යුද්දෙකින්. ඒ මාලියන්ස්ලයි එල්ඩියන්ස්ලයි අතර. මෙතනදි අපිට අලුත් ජෝ ටයිටන් කෙනෙකුත් සීක් යේගර්ගෙ පවර් එකත් බලාගන්න පුලුවන් වෙනවා. අභිරහස් ගොඩක් විසදන මේ සීසන් එක මගෙ පර්සනලි ආසම සීසන් එකක්.

ඒ වගේම මේකදි රෙයිනර්ගේ අතීත කතාවත් අපිට බලාගන්න පුලුවන්. ටයිබර් පවුලෙ කතාවත් එල්ඩියන්ස්ලගෙ අතීත කතාවත් අපිට දැනගන්න ලැබෙනවා. මෙතනදි ටයිබර් විසින් මාලියන්ස්ල සහ Aot ලෝකේ ඉන්න සියලුම නිල තනතුරු දරන්නන් එකතු කරගෙන සියල්ලන්ටම ඇත්ත කියන අතර මේ අවස්තාවෙදි එරන් යේගර් විසින් පහරදෙනවා. සමූහ ඝාතනයක් සිද්ද කරන එරන්ට ටයිබර් පවුලට හිමි වෝර්හැමර් ටයිටන් විසින් පහරදෙනව. එතන සටනෙදි වෝර්හැමර් ටයිටන්ගෙ පවර් එක ලබාගන්න එරන්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම එතනට පැරඩයිස් වල හමුදාව සහයට පැමිනෙනවා. එරන්වත් සීක් යේගර්වත් රැගෙන නැවත පැරඩයිස් වලට පිටත් වීමේදී සාශා මියයනව ගභී විසින් කල වෙඩිතෑබීමකදි💀

එතනින් පස්සෙ පැරඩයිස් වල අපිට දකින්න ලැබෙනවා මාර්ලියන්ස්ලව හිරකරන් වැඩ ගන්න විදිය සහ ස්වෙච්චාවෙන් වැඩ කරන මාලියන්ස්ලා කට්ටියක්. ඊටපස්සෙ සීක්ගෙ සැලැස්මකට අනුව පැරඩයිස් වල කුමන්ත්‍රනයක් වෙනව කියල දැනගන්න ලැබෙන අතර ඒ සැලැස්මට එරන් යේගරුත් සම්බන්ධයි කියල දැනගන්න ලැබෙනවා. සීක් ගෙ සැලැස්ම උනේ ෆවුන්ඩින් ටයිටන් බලය පාවිච්චි කරල සෑම එල්ඩියන්ස් කෙනෙක්ටම අනාගත පරපුරක් බිහි කරන්න බැරි වෙන විදියට ශරීරය වෙනස් කරන එක.

ඉතින් මේ සැලැස්මට එරන් එකග වෙනවා. ඒ අනුව සැලැස්ම ක්‍රියාත්මක කරන අතරතුර ගභී සහ ෆැල්කෝව හොයාගෙන මාර්ලියන්ස් හමුදාව පැරඩයිස් වලට පැමිනෙනවා. පැරඩයිස් වලදි එරන් සහ මාර්ලියන්ස්ලා අතර විශාල සටනක් සිදුවෙනවා. මෙතනට බීස්ට් ටයිටන් පැමිනෙන අතර තුර සීක්ගෙ බලය පාවිච්චි කරල පැරඩයිස් ඇතුලෙ ටයිටන්ලා නිර්මානය කරනවා. ඒ වගේම බීස්ට් ටයිටන් එක්ක එකතුවෙලා එරන් ෆවුන්ඩින් ටයිටන් පවර්ස් ක්‍රියාත්මක කරනවා. ෆවුන්ඩින් ටයිටන් පවර්ස් අන්ලොක් කරන්න කලින් එරන් කාලෙ හරහ යන සිද්දියක් අපිට බලාගන්න පුලුවන් වෙනවා. මෙතනදි එරන් විසින් ග්‍රීශාට රෙයිස් පවුල විනාශ කරන්න බලකරනව බලාගන්න පුලුවන්.

ඉතින් ෆවුන්ඩින් ටයිටන් පවර්ස් ලබාගද්දි අපිට එරන්ගෙ ඇත්තම සැලැස්ම දැනගන්න හම්බෙනවා ඒ තමා Rumbling එක. ඉතින් Rumbling එක පටන් ගන්න තමා එරන් සීක්ව පාවිච්චි කලේ කියල අපිට දැනගන්න හම්බෙනව. Rumbling එකේදි අර වෝල් වල හිටපු ටයිටන්ලා ලක්ශ 5කට අධික ප්‍රමානයක් ලෝකෙම විනාශ කරන්න එරන් අරන් යනවා.

Rumbling එක වෙන අතරතුරදි යේගර්වාදින් විසින් පැරඩයිස්වල බලය අතට ගන්නවා. ඒ සේරමත් එක්ක කාට් ටයිටනුයි ආමඩ් ටයිටනුයි ලීවායි, හන්ජි එක්ක එකතුවෙලා එරන්ව නවත්තන්න යනවා. ඒ අතරතුරදි හන්ජිත් මේ කතාවෙන් සමුගන්නවා.

මන් ඔය කියපු විස්තරය ගොඩක්ම කෙටි කරල කිව්වෙ ගොඩක් අඩුතැන් ඇති ඔයාලට ප්‍රශ්න එන. මන් කලේ මෙතෙක් කාලෙකට උන සිදුවීම් මතක් කරපු එක .ඒනම් ඕක තමා දැනට කතාව උනේ ඔතනින් පස්සෙ මොකක් වෙයිද කියල නොවැම්බර් 5 වෙනිදා බලන්න ලෑස්ති වෙමු😌❤️

ඔයාලට තියෙන ප්‍රශ්න අහල නිරාකරනය කරගෙනම අන්තිම එපිය බලමු😁

එහෙනම් Tatakae✊😌❤
Shinozou wo Sasageyo😾

“Subete no yumiru no tami e tsugu. Ore no na wa Eren Yeager”

එහෙනම් අනිද්දා watch party එකෙදී සෙට් වෙමු.

✍️Admin: Chanul(Podi pgy)