ඔස්කාර් සම්මානය සඳහා ජවාන් චිත්‍රපටය ඉදිරිපත් කරන බවට අධ්‍යක්ෂක ඇට්ලී කුමාර් ප්‍රකාශ කරයි.

by Yashitha Bhashana

ඔස්කාර් සම්මානය සඳහා ජවාන් චිත්‍රපටය ඉදිරිපත් කරන බවට අධ්‍යක්ෂක ඇට්ලී කුමාර් ප්‍රකාශ කරයි.

Share

🏆| Atlee wants to take Jawan to Oscars


මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන Jawan චිත්‍රපටයෙහි අධ්‍යක්ශක Atlee Kumar විසින් Jawan චිත්‍රපටය Oscars සම්මානය සඳහා නිර්දේශ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරයි.
මාධ්‍යවේදියෙක් විසින් “Jawan ඔස්කාර් සම්මානය සඳහා ඉදිරිපත් කරන්නේද?” යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Atlee Kumar ප්‍රකාශ කර ඇත්තේ “ඔව් අනිවාර්යයෙන්ම, මම හිතන්නේ සෑම අධ්‍යක්ෂකවරයෙක්ම සිනමාවේ වැඩ කරන සෑම කාර්මික ශිල්පියෙක්ම හැමෝම වගේ උත්සහ කරන්නේ සම්මාන ලබාගන්න ඔවුන්ගේ ඇස් තියෙන්නේ Golden Globes, Oscars, National Awards වගේ හැම සම්මානයක් දිහාම. ඉතින්, අනිවාර්යයෙන්ම, ඔව්, මමත් කැමතියි ජවාන් ඔස්කාර් සම්මාන උළෙලට ගෙන යන්න. අපි බලමු. මම හිතනවා ෂාරුක් ඛාන් සර් මේ සම්මුඛ සාකච්ඡාව බලයි කියලා. ‘සර් අපි මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන උළෙලට ගෙනියමුද?’ කියලත් මම ඔහුගෙන් ඇමතුමක් අරගෙන අහන්නම්.”
- Jawan අධ්‍යක්ශක ඇට්ලී කුමාර් -