🎖| Aravinda de Silva to be inducted into the ICC Hall of Fame. 🏏
හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමන ICC Hall of Fame ගෞරව සම්මාන නාමයට තේරීපත්ව තිබෙනවා. ඒ ඔහු 1996 වසරේ ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ලබාගත් ජයග්‍රාහී ශතකය ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවේ දැක්වූ විශිෂ්ට දක්ශතා හේතුවෙනි.
2009 වසරේ ආරම්භ කල මෙම ICC Hall of Fame ගෞරව සම්මාන සඳහා තේරි පත් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින සහ හිටපු විශිෂ්ටයන්‍වේ.
එම ලැයිස්තුවේ ශ්‍රී ලාංකියකයන් 4 දෙනෙකු සිටින අතර මුත්තයියා මුරලිදරන් (2016), කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (2021) ට පසුව ICC Hall of Fame ගෞරවය හිමි වෙන හතරවන ශ්‍රී ලාංකිකයා බවට අරවින්ද ද සිල්වා පත් වනු ඇත.
ඒත් සමගම 2023 වසරේ එම ගෞරව නාමය සඳහා ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකු වන Virender Sehwag සහ Diana Edulji ද තෝරාගෙන ඇත.
නොවැම්බර් 14 වන හෙට දින මුම්බායි හිදි උත්සවාකාරයෙන් එම ගෞරවයට හිමි රන් ඉරි සහිත හිස්වැසුම ඔවුන්ට හිමි වනු ඇත.