තාක්ශනික ලෝකය පුදුම කරවමින් Apple සමාගම විසින් Vision Pro නම් mixed-reality AR/VR headset එකක් එලි දක්වයි.

by Srimal

තාක්ශනික ලෝකය පුදුම කරවමින් Apple සමාගම විසින් Vision Pro නම් mixed-reality AR/VR headset එකක් එලි දක්වයි.

Share

| At #WWDC23, Apple revealed its long-rumored mixed-reality headset, the Vision Pro

තාක්ශනික ලෝකය පුදුම කරවමින් Apple සමාගම විසින් Vision Pro නම් mixed-reality AR/VR headset එකක් එලි දක්වයි.

Apple සමාගම විසින් ඔවුන්ගේ මෙම නවතම නිෂ්පාදනය Apple Vision Pro නමින් හඳුන්වන අතර Augmented Reality මත ධාවනය මේ හරහා අපගේ අවට පරිසරය සමඟින් digital අත්දැකීමක් විඳගැනීමට හැකියාව ලැබෙන බවට ඔවුන් විසින් ප්‍රකාශ කරන අතර මේ නව තාක්ෂනය ඔවුන් විසින් Spatial Computing යන නමින් හඳුන්වනු ලබනවා.

0:00
/
Built on the foundation of macOS, iOS, and iPadOS, visionOS is the world’s first spatial operating system that blends digital content with the physical world.

Vision Pro උපාංගය ඔබගේ ඇස්, අත් චලන සහ කට හඬින් පාලනය කිරීමේ හැකියාව පවතින අතර
මෙහි ඇති විෂේශත්වයක් වන්නේ ඔබ ඉදිරියට කවුරුන් හෝ පැමිණියහොත් ඔබගේ දර්ශන පථයට බාදාවක් නොවී ඔබට ඔවුන්ව බලාගත හැකි වීමත් headset එක හරහා ඔබගේ ඇස් ඔවුන්ටද බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම උපැස් යුවලයන් පළදින අයට පවා පහසුවෙන් මෙය භාවිත කිරීම සඳහා Vision Pro සඳහා වෙනම කාච සවි කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

උපරිම පැය දෙකකට ආසන්න කාලයක් බැටරියෙන් මෙය ක්‍රියාත්මක කල හැකි බවට වාර්තා වන අතර visionOS නම් මෙහෙයුම් පද්ධතියකින් මෙය බලගැන්වෙන බවයි වාර්තා වන්නේ. ඒ වගේම TouchID සහ FaceID වලින් පසු මේ සඳහා ඇස මඟින් ක්‍රියාත්මක වන OpticID නම් නවතම biometric ආරක්ෂිත ක්‍රමවේදයක් හදුන්වා දෙනු ලැබුවා.

OpticID

Disney+ විසින් Vision Pro සඳහා සහය දක්වන ආකාරයට ඔවුන්ගේ සේවාවද හඳුන්වා දීමට යෙදුනා

2024 මුල වෙළඳපොලට නිකුත් කරන Vision Pro උපාංගයේ ආරම්භක මිල ඇ.ඩො 3,499ක් බවට දැනුම් දී ඇත.

Introducing Apple Vision Pro: Apple’s first spatial computer
Apple today unveiled Apple Vision Pro, a revolutionary spatial computer that seamlessly blends digital content with the physical world.

ශ්‍රී කොම්