🇱🇰| Amangalla secures the 38th position on the prestigious list of The World’s Best 50 Hotels.🔝
ලොව හොඳම හෝටල් 50 අතරට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය නම් කරයි.
2023 සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව හොඳම හෝටල් 50 ලැයිස්තුවේ 38 වන ස්ථානයට ගාලු කොටුවේ බලකොටුව තුළ පිහිටා ඇති අමන්ගල්ල හෝටලය තේරිපත්ව තිබෙනවා.
ඊයේ ලන්ඩනයේ ගිල්ඩාල් හි පැවති සජීවී සම්මාන උළෙලකදී ලොව හොඳම හෝටල් 50 ලැයිස්තුව ප්‍රකාශයට පත්වුණා. ප්‍රථම වරට ලෝකයේ හෝටල් ප්‍රජාව එකට එක් කරමින් ඔවුන් ඇගැයීමට ලක් කළ මෙම සම්මාන උළෙලේදී ලොව හොඳම හෝටල් ශ්‍රේණි ගත කර ඇත්තේ සංචාරකයන්ගේ අත්දැකීම්, ආගන්තුක සත්කාරය මෙන්ම ඒවායේ පිහිටීම ආදී නිර්ණායක කිහිපයක් පදනම් කර ගෙනයි. සංචාරකයන්ගේ මනාපය අනුව මාධ්‍ය ආයතන විසින් මින් පෙර ද මෙවැනි තේරීම් කර ඇතත් ලෝකයේ හෝටල් ප්‍රජාවම එක් වී සිදුකරන ලද පළමු ශ්‍රේණිගත කිරීම මෙයයි. මෙම ලැයිස්තුව තෝරා ඇත්තේ ලෝකය පුරා සිටින හෝටල් හිමිකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළුව හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 580කින් සමන්විත The Academy නම් ඡන්ද මණ්ඩලයක් මගිනි.
මණ්ඩලය ලොව පුරා කලාප නවයකට බෙදා ඇති අතර ඒ සෑම එකක්ම ඇකඩමියේ සභාපතිවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.
ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී, සාමාජිකයින් පසුගිය මාස 24 තුළ ඔවුන් නැවතී සිටි හොඳම හෝටල් හත මනාප අනුපිළිවෙලින් ලැයිස්තුගත කරයි.
මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ඉතාලියේ Passalacqua හෝටලය හිමිකරගෙන ඇති අතර දකුණු ආසියාතික රටවල් අතරින් මාලදිවයිනේ Soneva Fushi 7 වැනි ස්ථානයත්, Soneva Jani 36 වැනි ස්ථානයත් හිමිවී තිබුන අතර ඉන්දියාවේ අග්‍රා හි The Oberoi Amarvilas වෙත 45 වන ස්ථානය හිමිවී තිබුනා.
අළුත්ම News, updates ගැන දැනගන්න Join වෙන්න අපේ WhatsApp චැනල් එකට : https://whatsapp.com/channel/0029Va4uc1LDOQIVRJSLjL3b