මෙක්සිකානු සම්මේලනයේදී පිටසක්වල ජීවීන් දෙදෙනෙකුගේ මළ සිරුරු ප්‍රදර්ශනය කරයි.

by Yashitha Bhashana

මෙක්සිකානු සම්මේලනයේදී පිටසක්වල ජීවීන් දෙදෙනෙකුගේ මළ සිරුරු ප්‍රදර්ශනය කරයි.

Share

👽| ‘Alien’ bodies displayed during public hearing in Mexico Congress


මෙක්සිකානු සම්මේලනයේදී පිටසක්වල ජීවීන් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් ප්‍රදර්ශනය කරයි.
අද දිනයේදී පිටසක්වල ජීවීන්ගේ යැයි විශ්වාස කෙරෙන මළ සිරුරු දෙකක් මහජනතාව සඳහා මෙක්සිකානු සම්මේලනයේ විසින් ප්‍රදර්ශනය කල අතර මෙම මළ සිරුරු අවම වශයෙන් වසර 1,000 ක් පමණ පැරණි බවත් බවත් පේරු හි කුස්කෝ සිට ලබා ගත් බවත් වාර්තා වෙයි. මෙක්සිකානු මාධ්‍යවේදියෙකු සහ යූෆොලොජිස්ට්වරයෙකු වන Jaime Maussan සහ මෙක්සිකානු විද්‍යාඥයන් පිරිසක් මෙම කොන්ග්‍රස් රැස්වීමට අදහස් දක්වමින් මෙම තොරතුරු නිරාවරණය කර ඇත. මෙම පිරිස අතර Ryan Graves නම් US Navy ගුවන් නියමුවෙක් (Executive Director of Americans for Safe Aerospace) ද සිටි අතර, ඔහුද අදහස් දක්වා ඇත.
මෙම සිදුවීම සජීවිව මාධ්‍ය හරහා නිකුත් කර ඇති අතර.
මෙම නිදර්ශක මෑතකදී මෙක්සිකෝවේ ස්වජාතික විශ්ව විද්‍යාලයේදී (UNAM) අධ්‍යයනය කළ බවත්, එහිදී විද්‍යාඥයින් විසින් රේඩියෝ කාබන් කාල නිර්ණය සහ DNA සාක්ෂි විශ්ලේෂණය කළ අතර
මේවා පෘථිවියේ ජීවයේ පරිණාමයට අයත් නොවන අතරම මේවා UFO සුන්බුන් වලින් හමු වූ ජීවීන් නොවන බවත්. ඒවා diatom (ඇල්ගී) පතල්වල තිබී සොයා ගන්නා ලද අතර පසුව පොසිල කරන ලද බවත් Maussan විසින් මෙම හමුවේ දී පවසා ඇත. තවමත් මෙම සිදුවීමේ සත්‍ය අසත්‍ය තාවය තවමත් තහවුරු කර නැත.

මළසිරුර ප්‍රදර්ශනය කරන වීඩියෝ පටය: https://fb.watch/n1hspxhjKG/?mibextid=cr9u03