ඇවටාර් ලෝකය ගැන දැනගමු.

by Chanul Deemantha

ඇවටාර් ලෝකය ගැන දැනගමු.

Share

Water 🌊 Earth 🪨 Fire🔥 Air🌀
Long ago, the four nations lived together in harmony. Then everything changed when the fire nation attacked. Only the Avatar master all four elements, could stop them. But when world needed him most, he vanished. A 100 years passed, and my borther and I discovered the new avatar, an airbender nemed Aang, and although his airbending skills are great. He has a lot to learn before he's ready to save anyone. But I believe Aang can save the world

Intro එක කියවපු අයට Masterpiece කියන්න පුලුවන් ඇනිමේශන් එකක් මතක් වෙන්න ඇති. පෙබරවාරි 22 රිලීස් වෙන්න නියමිත Avatar: The Last Airbender ලයිව් ඇක්ශන් එක හින්දා ශ්‍රී කොම් අපි හිතුවා Road to ATLA ආටිකල් සීරිස් එකක් ගේන්න. ඉතින් මේ ආටිකල් සීරිස් එකේ පලවෙනි ආටිකල් එක තමා මේ විදිහට අද #SriCOMat7 සෙග්මන්ට් එකෙන් මම ගේන්නේ.

Avatar: The Last Airbender එහෙමත් නැත්තම් ATLA ගැන ලංකාවෙ ප්‍රේක්ශකයො ගොඩක් දැනගත්තෙ ස්වර්ණවාහිනියෙ විකාශය උනු නිසා. තාමත් ATLA කියන්නෙ මොකක්ද කියල නොදන්න අය ඉන්නව නම් ඔයාලා මිස් කරගෙන තියෙන්නෙ සුපිරිම ඇනිමේශන් සීරිස් එකක්. ගොඩක් අය මේක ඇනිමෙ එකක් කියල පටලවගෙනත් ඉන්නවා. ATLA
කියන්නෙ ඇනිමෙ ස්ටයිල් එකෙන් හදපු ඇනිමේශන් එකක්. මේ ආටිකල් එකෙන් අපි ඔයාට ඇනිමේශන් එක ගැන පොඩි විස්තරයක් විතරයි කියන්න හිතන් ඉන්නෙ ඊලගට එන ආටිකල් සෙට් එකෙන් නොයෙක් මාතෘකා ගැන කතා කරමු.

ATLA වලට සම නිර්මාතෘවරු දෙන්නෙක් ඉන්නවා. Michael Dante DiMartino සහ Bryan Konietzko ඔය දෙන්නා තමා අපි අද කතා කරන ATLA වල නිර්මාතෘන් වෙන්නෙ. මේ ආටිකල් සීරිස් එක කරන්නෙ ATLA ගැන උඩින් කියවගෙන යන්න නෙමේ නිසා මන් ලොකු විස්තර කියන්නෑ.

🌀කවුද මේ ඇවටාර් කියන්නෙ?

නෑ නෑ මේ ඔයාලා හිතන නිල් වදුරො නෙමේ😅 ඇවටාර් කෙනෙක් කියන්නෙ ලෝකෙ තියෙන මූලධාතු හතරම පාලනය කරන්න පුලුවන් කෙනෙක්ට

🌊මොනවද මේ මූලධාතු කියන්නෙ?

ජලය,පොලොව(පෘථිවිය),ගින්දර සහ වායු මේවට තමා මූලධාතු එහෙමත් නැත්තම් සින්හලෙන් Elements කියල කියන්නෙ

🪨ඇයි ඇවටාර් කෙනෙක් ඕන වෙන්නෙ?

සරලවම කිව්වොත් ඇවටාර් කෙනෙක් කියන්නෙ හැමෝගෙම නායකයා වගේ. ඇවටාර් කියන දේ හැමෝම වගේ අහනවා. ඉතින් මේ ඇවටාර් කියන්නෙ තනතුරක්. ජනාධිපති වගේ තමා මෙයාටත් වගකීම් ගොඩක් තියෙනවා.

ඇවටාර්ගෙ ප්‍රධාන වගකීම වෙන්නෙ සාමය පවත්වාගන්න එක. ජල,වායු,පෘථිවි,අග්නි කියන ජාතින් හතරම එකතු කරගෙන ඒ ජාතින් අතර ඇතිවෙන ප්‍රශ්න විසදන්න ඕනෙ ඇවටාර්. මූලධාතුන් හතර Balance කරගෙන ජාතීන් හතරත් Balance කරන එක එසේ මෙසේ වගකීමක් නෙමේනෙ ඉතින්

ඊට වඩා වැදගත් වෙන දේ තමා ඇවටාර් කියන්නෙ Spiritual Leader කෙනෙක්. Spirit world එකයි Human world එකයි අතර සම්බන්ධතාවය එහෙමත් නැත්තම් පාලමක් විදියට සම්බන්ධ වෙන්නෙ මේ ඇවටාර් හරහා. World එකේ පැවැත්මයි පැවැත්මට අවශ්‍ය Sprits පාලනය කරන්න ඇවටාර් කෙනෙක් ඕනෙ. Spirits ගොඩක් වෙලාවට විනාශකාරි වෙන්නත් පුලුවන් ඒ වගේම සාමකාමි වෙන්නත් පුලුවන්. ඉතින් මේ spirits පාලනය කරන්න වගේම Spirits එක්ක සන්නිවේදනය කරල ලෝක දෙක අතර ඇතිවෙන ප්‍රශ්න විසදන්නත් අනිවාරෙන්ම ඇවටාර් කෙනෙක් ඕන වෙනවා.

🔥ඇවටාර් ලෝකය කියන්නෙ මොකක්ද?

නෑ නෑ මේ කියන්නෙ පැන්ඩෝරා ගැන නෙමේ ATLA යුනිවර්ස් එකේ ලෝකය ගැන. මේ ලෝකෙ හැදිලා තියෙන්නෙ මිනිස්සු වර්ග දෙකකින් Benders සහ Non Benders ලගෙන්. ATLA world එකේ ජාතීන් හතරකට බෙදිලා තියෙන්නෙ. වායු , ජල , පෘථිවි, අග්නි විදියට තමා මේගොල්ලො වෙන් වෙලා ඉන්නේ

එක එක ජාතින් ගැන අපි ඉස්සරහ ආටිකල් වලදි කතා කරමු

🌀කවුද මේ අවසන් වායුබන්ධකයා?
ඇවටාර් කෙනෙක් නැතිඋනාම ඇවටාර්ගෙ ආත්මය ඊලගට ඉපදෙන්නෙ ඇවටාර් චක්‍රයකට අනුව. අග්නි,වායු,ජල,පෘථිවි කියන පිලිවෙලට තමා ඇවටාර් කෙනෙක් ඉපදෙන්නෙ. ඒක ගැන විස්තර කලොත් ජල ගෝත්‍රයේ හිටපු ඇවටාර් නැතිවුනාම ඊලග ඇවටාර් ඉපදෙන්නෙ පෘථිවි රාජ්‍යයේ. ඒ වගේ පිලිවෙලට ඇවටාර් චක්‍රය දිගටම පවතිනවා🌚

එතකොට මේ අවසන් වායුබන්ධකයා තමා ඈන්ග්. ඈන්ග් කියන්නෙත් ඇවටාර් කෙනෙක්. මේ කතා මාලාව ගොඩනැගෙන්නෙත් මෙයා වටා තමා

🌊 ඇයි ඈන්ග් අවසන් වායු බන්ධකයා වෙන්නෙ?

ඈන්ග්ට කලින් හිටපු ඇවටාර් තමා ඇවටාර් රෝකු කියන්නෙ. එයා ඉපදුනේ අග්නි රාජධානියෙ. ඉතින් මේ ඇවටාර් රෝකු මියගියාට පස්සෙ ඇවටාර් චක්‍රයට අනුව ඊලග ඇවටාර් ඉපදෙන්නෙ වායු ගෝත්‍රයේ. ඒ කාලෙ අග්නි පාලකය උනු සෝසින් මේ ඇවටාර් ඉපදෙන එක නවත්තන්න ඕන හින්දා සම්පූර්න වායු ගෝත්‍රයම විනාශ කරන නිසා තමා ඈන්ග් අවසන් වායු බන්ධකයා වෙන්නෙ

එතනින් පස්සෙ ඈන්ග් අවුරුදු 100ක් අතුරුදහන් වෙනව. හැමකෙනෙක්ම හිතුවා ඇවටාර් සදහටම නැතිවුනා කියලා ඉතින් ඔය අවුරුදු 100 ඇතුලත අග්නි රාජධානිය මුලු ලෝකෙම යටත් කරගන්න සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ අවුරුදු 100 යුද්ධය නතර කරන වගකීම අවුරුදු 12ක් වෙන ඈන්ග්ට පැවරෙනවා

Road to ATLA ආටිකල් සීරිස් එකේ පලවෙනි ආටිකල් එක මෙතනින් ඉවර කරනවා. දෙවෙනි ආටිකල් එකත් එක්ක හෙට මේ වෙලාවට හමුවෙමු ඒනම්😌

Yip Yip