පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් මීළඟ චිත්‍රපටයේ තිර පිටපත ලියා අවසන් බවට තහවුරු කරයි.

by Yashitha Bhashana

පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් මීළඟ චිත්‍රපටයේ තිර පිටපත ලියා අවසන් බවට තහවුරු කරයි.

Share

🏴‍☠️| Craig Mazin and Ted Elliot wrote a script for a new ‘Pirates of the Caribbean’ film
අතිශය ජනප්‍රිය චිත්‍රපටමාලාවක් වන Pirates of the Caribbean චිත්‍රපටමාලාවේ මීළඟ චිත්‍රපටයෙහි තිරපිටපත ලියා අවසන් කල බවට Chernobyl, The Last of Us වැනි කතාමාලාවන් වල තිර රචක Craig Mazin විසින් ප්‍රකාශ කරයි.
ඔහු සහ Pirates of the Caribbean චිත්‍රපටමාලාවේ තිරරචකයෙකු වන Ted Elliot විසින් තිර පිටපත ලියා අවසන් කල බවත් ඒත් සමඟම තිර රචකයන්ගේ වැඩ වර්ජනය ආරම්භ වූ බවටත් ඔහු විසින් වැඩි දුරත් ප්‍රකාශ කර ඇත.
“He wrote a fantastic script and the strike happened and everyone’s waiting around.”
මෙම චිත්‍රපටය Reboot චිත්‍රපටයක්ද නැතහොත් චිත්‍රපටමාලාවේ 6 වන චිත්‍රපටයද යන්න ගැන සඳහනක් නොමැති අතර Johnny Depp නැවත කැප්ටන් ජැක් ලෙස චරිත නිරූපණයට පැමිණීම ගැනද කිසිම සඳහනක් නොමැත.