🍅| A PR company reportedly paid movie critics directly to manipulate films’ Rotten Tomatoes score.
Rotten Tomatoes වෙබ් අඩවියෙහි චිත්‍රපට සඳහා ඉහළ අගයන් සහ ධනාත්මක ප්‍රතිචාර ලබාදීම සඳහා එහි විචාරකයින් චිත්‍රපට ප්‍රචාරණ සමාගම් වලින් මුදල් ලබාගන්නා බවට වාර්තා වෙයි.
ඇමරිකානු විනෝදාස්වාද පුවත් ගෙන එන වෙබ් අඩවියක් වන Vulture විසින් මේ බව හෙලි කර තිබෙන අතර Rotten Tomatoes වෙබ් අඩවියෙහි චිත්‍රපට විචාරකයන් චිත්‍රපට ප්‍රචාරණ සමාගම් වලින් මුදල් ලබාගෙන චිත්‍රපට සඳහා ධනාත්මක ප්‍රතිචාර ලබාදි ඒවාගේ Tomatometer අගය ඉහල දැමීමට කටයුතු කරන බවට ඔවුන් විසින් චෝදනා කරයි.
2018 වසරේදී නිකුත් වූ Ophelia චිත්‍රපටය සදහා මුලදී 46% ක අගයක් Rotten Tomatoes දර්ශකයේ ලැබී ඇති අතර එය 60% කට ඉහල Fresh අගයක් ලබා ගැනීම සදහා එහි ප්‍රචාරණ සමාගම වන Bunker 15 විසින් මුදල් ගෙවා ඇති බවට වාර්තා වෙයි.
Rotten Tomatoes වෙබ් අඩවිය තුල චිත්‍රපටයකට ලබාදෙන එක් ධනාත්මක විචාරයක් සඳහා ඩොලර් 50ක මුදලක් ලබාදෙන බවටද Vulture වෙබ් අඩවිය විසින් චෝදනා කරයි.
මේ සම්බන්දව අදහස් දක්වමින් Bunker 15 සමාගමේ නිර්මාතෘ වන Daniel Harlow විසින් Vulture වෙත අදහස් දක්වමින් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු පවසා ඇත්තේ “We have thousands of writers in our distribution list. A small handful have set up a specific system where filmmakers can sponsor or pay to have them review a film.” එය හරියාකාරව තේරුම් නොගෙන බොහෝ දෙනා වරදවා වටහාගෙන චෝදනා එල්ල කරන බවට් ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.