සොයාගත් නව මකුළු විශේෂයක් "වෙනෝමියස් ටොම්හාර්ඩි" ලෙස විද්‍යාඥයන් නම් කරයි.

by Yashitha Bhashana

සොයාගත් නව මකුළු විශේෂයක් "වෙනෝමියස් ටොම්හාර්ඩි" ලෙස විද්‍යාඥයන් නම් කරයි.

Share

🕷| A newly discovered spider in Australia has been named after actor Tom Hardy and his Marvel character Venom.
ඕස්ට්‍රේලියාවෙන් සොයාගත් නව මකළු විශේෂයක් Marvel විශ්වයේ Venom සහ එහි නළු Tom Hardy නමින් විද්‍යාඥයන් විසින් නම් කරයි.
එම මකුළුවාගේ උදරයේ ඇති සුවිශේෂී කළු ලප හේතුවෙන් විද්‍යාඥයින්ට Venom ගේ හිස මතක් වූ බවත් ඒ හේතුවෙන් එම අසාමාන්‍ය නම තෝරා ගැනීමට ඔවුන්ව පොළඹවූ බවටත් වාර්තා වෙයි.
එම මකළු විශේෂය විෂ සහිත වුවත් එයින් මිනිසුන්ට කිසිදු හානියක් කිරීමට ප්‍රමාණවත් නැති බවටත් වාර්තා වන අතර මෙම නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රසීලයේ විද්‍යාඥයන් විසින් විස්තර කරන ලද අතර Evolutionary Systematics සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.
පසුගිය අගෝස්තු මාසයේ නව මාළු විශේෂයක් අප්‍රිකාවෙන් සොයාගෙන ඇති අතර විද්‍යාඥයින් විසින් එය ජනප්‍රිය Lord of the Rings චිත්‍රපට මාලාවේ එන Frodo Baggins චරිතය නමින් නම් කිරීමටද යෙදුනු අතර මීට මාස කිහිපයකට පෙර විද්‍යාඥයන් විසින් නව සමනලයෙකු සොයාගෙන එය Lord of The Rings විශ්වයේ දුශ්ඨයාගේ නම වන Sauron නමින් නම් කරන ලදී. Lord of The Rings චරිත අනුව නම් කරන ලද පළමු සත්වයා සමනලුන් සහ කැට්ෆිෂ් නොවේ, මන්ද දැනටමත් ඩයිනෝසෝරයෙකු (සෞරෝනියෝප්ස්) සහ ගෙම්බෙකු (නයික්ටිමිස්ටෙස් සෞරෝනි) ලෙසද නම් කර ඇත.
විද්‍යාඥයින් පවසන පරිදි, විද්‍යා සහ පෘථිවි අධ්‍යයනයන් කෙරෙහි වැඩි අවධානයක් සහ දැනුවත්භාවයක් ගෙන ඒම සඳහා අලුතින් සොයාගත් ජීවීන්ට විනෝදජනක සහ නෙත් සිත් ඇදගන්නා නම් ලබා දෙන බවයි, මෙයට පෙර ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් අලුතින් සොයාගත් කෘමියෙකුද Pokemon ලෙස නම් කරන ලදී.