🎬| A Martin Luther King Jr. biopic is in the works with Chris Rock set to direct.
ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කල Martin Luther King Jr. ගේ චරිතාපදාන චිත්‍රපටයක් නිර්මාණය කරන බවත් එහි අධ්‍යක්ශනය සඳහා Chris Rock තෝරාගෙන ඇති බවටත් නිවේදනය කරයි.
1929 ජනවාරි 15 වැනි දින ජෝර්ජියා හි උපත ලබන මාර්ටින් ලූතර් කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල කළු ජාතිකයන්ට පමණක් වෙන් වූ පාසලක් වූ අතර, ඒ කාලය වන විට ඔවුන් ගමන් ගත් බස්රථවල අසුන්ගත හැකි ව තිබුණේ සුදු ජාතිකයන්ට පමණක් විය, සුදු ජාතිකයන්ට පමණක් වෙන් වූ වෙළඳ සැල් හා ආපනශාලා බොහෝ ප්‍රමාණයක් තිබූ අතර, කළු ජාතිකයන්ට ඒ තුළට ඇතුළු වීම තහනම් විය.
කුඩා මාර්ටින්ගේ පියා මේ අකාරයට කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණයට එරෙහිව නොබිය ව කතා කළ අතර පියාගේ අඩි පාරේ යමින් ඔහුද කළු ජාතිකයන්ගේ අයීතින් වෙනුවෙන් සටන් කිරීමට යෙදෙන අතර ඔහු ඒ හේතුවෙන් සිර භාරයටද ගැනෙනවා.
ජාතිවාදයට හා වර්ගවාදයට එරෙහිව හඬක් නැගූ මෙන්ම කළු ජාතිකයන්ට ඡන්ද අයිතිය දිනා දුන් Martin Luther King Jr. හට 1964 දී සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වෙනවා.
මාර්ටින් ලූතර් 1968 අප්‍රේල් 4 වැනි දින මෙම්ෆිස් හි දී අන්තවාදියෙකුගේ වෙඩි පහරින් ඝාතනය වන අතර, මරණෙන් පසු ව ඔහුට නිදහස සඳහා වූ ජනාධිපති සම්මානය හා ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් රන් සම්මානය හිමි වෙනවා. මොහුගේ ජන්ම දිනය සැමරීම වාර්ෂික ව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙනවා.