Eminem ගේ ජීවිත කතාව ආශ්‍රයෙන් නිකුත් වූ 8 Mile සිනමාපටය ඇසුරෙන් ටෙලිකතා මාලාවක් නිකුත්වන බව 50 Cent විසින් තහවුරු කරයි.
“I’m gonna bring his 8 mile to television. We’re in motion. It’s gonna be big. I ain’t got no duds. I’m batting a hundred, I’m batting a hundred”
ලෝක ප්‍රසිද්ධ රැප් ගායක Eminem ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වුනු 2002 වසරේදි නිකුත් වුන 8 Mile චිත්රපටය ඇසුරින් ටෙලි කතාවක් නිර්මාණය වන බව 50 Cent හෙවත් Curtis Jackson විසින් තහවුරු කර තිබෙනවා.
Big Boy TV interview එකේදි තමයි 50 Cent මේ විදියට ඔහු 8 Mile TV show එකක් නිපදවීමට දායක වන බව තහවුරු කර තිබෙන්නෙ. මෙම ටෙලි කතාව Eminem ගෙ Legacy එක වෙනුවෙන් නිර්මාණය වන බවත් සියලු දෙනාම Eminemගේ වටිනා ජීවිත කතාව ගැන දැනගැනීම තමාගේ අරමුණ වන බවත් තමයි 50 cent විසින් තවදුරටත් සඳහන් කර තිබුනෙ.
Via: Deadline