🗓| 4 years ago today Joker was released in theaters.🃏
Tod Philips විසින් අධ්‍යක්ශනය කරන ලද Joaquin Phoenix විසින් ප්‍රධාන චරිතය නිරූපණය කල 2019 වසරේ නිකුත් වූ Joker චිත්‍රපටය නිකුත් වී අදට වසර 4ක් සපිරෙයි.
ලොව හොඳම චිත්‍රපට 250 ලෙස සැලකෙන IMDb දර්ශකයේ Top 250 ලැයිස්තුවේ 80 වැනි ස්ථානයේ පසු වන ජෝකර් චිත්‍රපටය එම දර්ශකයේ ප්‍රේක්ෂකයන් මිලියන 1.4කගේ ප්‍රතිචාර වලින් 8.4/10 අගයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.
ඇ.ඩො මිලියන 55-70ත් අතර පිරිවැයකින් නිශ්පාදනය කල Joker චිත්‍රපටය ඇ.ඩො බිලියන 1.074ක ආදායමක් ලබාගනිමින් ලොව වැඩිම ආදායමක් ලද R-Rated චිත්‍රපටය බවට සහ චිත්‍රකතා පාදක හෙවත් comic based චිත්‍රපට අතරින් වියදමට සාපේක්ෂව වැඩිම ලාභයක් ඉපයූ චිත්‍රපටය ලෙසද ඉතිහාසගත වෙනවා.
ඔස්කාර් සම්මාන 2ක් සහ තවත් සම්මාන උළෙලවල් 15දි සම්පූර්ණ සම්මාන 61ට නිර්දේශ වෙමින් එයින් සම්මාන 19ක් දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙනවා.
ඒ වගේම 2012 වසරේ Aurora සිනමාශාලාවේ The Dark Knight චිත්‍රපටය නැරඹීම අතරතුරදී වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය අයවලුන්ගේ පවුල් වල පිරිස් විසින් මෙම චිත්‍රපටයට විරෝධය පළ කිරීම හේතුවෙන් එම සිනමාශාලාවේ චිත්‍රපටය තිරගත නොකිරීමට Warner Bros ආයතනය විසින් තීරණය කලේය.
ලබන වසරේ අද වැනි දිනකම (2024 ඔක්තෝබර් 04) මෙහි දෙවන චිත්‍රපටය වන ජනප්‍රිය ගායිකා Lady Gaga හාර්ලි කුයීන් ලෙස රංගනයෙන් දායක වන Joker: Folie à Deux චිත්‍රපටය සිනමාශාලාවලට නිකුත් වීමට නියමිතය.