12th Fail නිසා Pass වුණු Crush එක

by Menuka Risith

12th Fail නිසා Pass වුණු Crush එක

Share

1989 අගෝස්තු 01 දින උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ Noida හී උපන් මේධා ශංකර් කලා ලෝකයට පිවිසෙන්නේ නිරූපිකාවක් ලෙසයි. ඇය නව දිල්ලියේ National Institute of Fashion Technology මගින් Fashion Management සම්බන්ධ උපාධියක් ලබා තිබෙනවා. නිරූපිකාවක් ලෙස Big Bazaar, Paytm, Coca-Cola වැනි සන්නාම ගණනාවක වෙළෙඳ දැන්වීම් වලට ඇය එක්වුණා.

එසේම ඇය ශාස්ත්‍රීය සංගීතය හැදෑරූ ගායිකාවක ද වෙනවා.

ඇය 2015 වසරේ With You for You Always නම් කෙටි චිත්‍රපටයට එක් වෙනවා. ඉන්පසු 2019 දී Beecham House නම් කොටස් හයකින් යුතු british television series එකේ සහය චරිතයකින් ඇයව දැකගන්නට ලැබුණා.

2021 ජූනි Disney+ Hotstar හරහා නිකුත් වූ Shaadisthan චිත්‍රපටයේත් චරිතක් කළ ඇය නොවැම්බර් මස ඔවුන්ම නිකුත් කළ Dil Bekaraar නම් කොටස් දහයක web series එකට එකතු වෙනවා. 2022 වසරේ ඇය Max, Min and Meowzaki චිත්‍රපටයේ රංගනයේ යෙදුණා.

ඇය කෙරෙහි පෙර නොවූ අවධානයක් ඇති කරන 12th Fail චිත්‍රපටය 2023 ඔක්තෝබරයේ තමයි තිරගත වූයේ. එහි ආ Bolo Na ගීතයේ film version එක ගායනා කරන්නෙත් ඇයයි.
දෙසැම්බර් 29 දින Disney+ Hotstar හරහා එය නිකුත් වීමත් සමඟ බොහො දෙනෙක් එය නැරඹුවේ මෑත සති කිහිපයේ OTT platform එකෙන්. ඉතිං ඒ නිසාම චිත්‍රපටය ගැන කතාබහ වගේම මේධා ශංකර් ගැන අවධානයත් විශාල ලෙස ඉහළ ගියා.

මේ වනවිට ඉන්දියානු මෙන්ම මෙරට ද බොහෝ සිනමා රසිකයින්ගේ අලුත්ම crush එක බවට ඇය පත්වී අවසන්. 2024 ආරම්භයේ ඇගේ instagram ගිණුමේ 351,000 ක් වගෙ තමයි හිටියේ. එහෙත් සතියක් ගෙවෙන තැන එය 1.2M දක්වා වැඩිවීමෙන් ඇය දිනාගත් ආකර්ෂණයේ තරම සිතාගත හැකියි. මේ ලිපිය ලියන ජනවාරි 12 වනවිට එය 1.5M දක්වා වැඩිවෙලා.

වසර නවයක කලා ලෝකයේ අත්දැකීම් ඇසුරෙන් තව තවත් සාර්ථක සිනමා නිර්මාණ වලට දායක වන්නට මේධා ශංකර්ට උණුසුම් සුභ පැතුම්.


ලිපියේ අවසානයට,

අවුරුදු 26 දී රංගනයට එන ඇගේ හොඳම කාලයේදී ඇය අවධානයට ලක්වෙන්නේ නෑ. ඇයට අඛණ්ඩව නිර්මාණ ලැබෙන්නෙත් නෑ. එහෙත් එදා ඇය සිනමාව අතර හැර ගියා නම් අද මේ ආදරය මේධාට උරුම වෙන්නෙත් නෑ.

ඔබ පැරදේවි... ඔබට අවස්ථා අහිමි වේවි...
අතහරින්නට හිතේවි...
ඒත් ඇතැම්විට ඒ ඔබ අතහරින්නේ අනාගත වාසනාව නම්...

දෛවය තෑගි දෙන්නේ ඔබට අවශ්‍ය වෙලාවට නොව දෛවයට අවශ්‍ය වෙලාවටයි.
ඒ තෑග්ග ලැබෙන තුරු ඉවසීමෙන් යන්න...
ඔබ යන පාර සාධාරණ නම් දවසක තෑගි ලැබෙනවා සත්තයි.... 


සටහන: Thisaru Randeera