වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වාදී අදට වසර 129යි.

by Swarnareka Sewwandi

වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වාදී අදට වසර 129යි.

Share

🗓| 129 years ago today, the sport of Volleyball was introduced. Happy Birthday to Volleyball!🏐🥳

වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වාදී අදට වසර 129ක් සපිරෙයි.

ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් බව නම් නොදන්න කෙනෙක් නෑනේ.. ඒත් වොලිබෝල් ක්‍රීඩාවේ උපන්දිනේ ගැන..?

ඒ තමයි අද!
පෙබරවාරි 09

🏐1895 පෙබරවාරි 9 වනදා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්හිදී, ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන William G. Morgan විසින් මෙම ක්‍රීඩාව හදුන්වා දෙනු ලැබුවා,

🏐ඔහු විසින් මෙසේ සොයාගත් ක්‍රීඩාවට, ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ව්‍යුත්පන්න වූ නමක් වන Mintonette යෙදුවා.

🏐මේ ක්‍රීඩාවට ටෙනිස් සහ අත්පන්දු වැනි අනෙකුත් ක්‍රීඩා වලින්ද ලක්ෂණ කිහිපයක් ඔහු එකතුකර ගත්තා.

🏐පසුව මේ ක්‍රීඩාවේ ස්වභාවය සමග ඉක්මනින් එය වොලි + බෝල් ලෙසත් පසුව “වොලිබෝල්” යන තනි වචනයෙනුත් ප්‍රසිද්ධියට පත්වුණා.

🏐1916 වසරේදී තමයි ලංකාවට මේ ක්‍රිඩාව පැමිණෙන්නේ, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශක ජේ.නානායක්කාර මහතා විසින් ශ්‍රී ලංකාවට වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වාදීම සිදුකළ බව සදහන්.

🏐1921 පමණ වනවිට මෙය පාසල් තුළ ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වුණා. එය දිවයින පුරා පාසල් වල බහුලව ක්‍රීඩා කරන ක්‍රීඩාවක් බවට පත්වීමට, එහි සරල බව විශාල පිටුවහලක්වී තිබෙනවා.

🏐පසුව ගම්වල තරුණන් සැදෑ කාලයේ ගමේ පිට්ටනියකට එක්ව මෙම ක්‍රීඩාවේ යෙදීමද ලංකාව තුළ දක්නට ලැබුණ තවත් ප්‍රවණතාවයක්.

🏐1951 වසරේදී "ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය (SLVF)" පිහිටුවනු ලැබුවා , ඒ රට තුළ වොලිබෝල් ක්‍රීඩාව පාලනය කිරීම සහ සංවර්ධනය කිරීම උදෙසායි.

🏐1952 වසරේදී වොලිබෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව බවට පත්වුණා.

🏐1991 වසරේදී, ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර තරඟය ලෙස ඔස්ට්‍රේලියාවේ පැවති ආසියානු වොලිබෝල් ශූරතාවලියට සහභාගී වුණා.

🏐2010 වසරේ, ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම ඉතිහාසයේ ප්‍රථම වතාවට FIVB වොලිබෝල් කාන්තා ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබුවා.

🏐විශාල වෙරළ තීරයක් හිමි ලංකාව තුළ බීච් වොලිබෝල්ද ඉතා ජනප්‍රිය යමක්!

✍️සටහන ශ්‍රී කොම් වෙනුවෙන්: Swarnarekha Sewwandi

©thesricom.lk 2024