පෝල් වෝකර් මියගොස් අදට වසර 10යි.

by Yashitha Bhashana

පෝල් වෝකර් මියගොස් අදට වසර 10යි.

Share

🗓| 10 years ago today, the talented Paul Walker passed away. 🪦💐🕯

Paul Walker එහෙමත් නැත්නම් කවුරුත් දන්න Fast & Furious චිත්‍රපටමාලාවේ සොඳුරු මිතුරා, “Brian O' Conner” මාරාන්තික රිය අනතුරක් හේතුවෙන් මේ ලෝකයෙන් සමුගෙන ගිහිං අද දිනට එනම් November 30 වෙනිදට අවුරුදු දහයක් වෙනවා 💔🙁

Fast & Furious චිත්‍රපට මාලාවෙන් ලොවපුරා රසිකයන් අතර ආදරය දිනාගන්න පෝල් මරණයට පත්වුන විට Fast & Furious හි හත්වෙනි චිත්‍රපටය නිර්මාණය කරමින් පැවතුනා!😐

ඔහුට ගෞරවයක් ලෙස මෙම චිත්‍රපටයේ ඉතුරු කොටස් ද රූගත කිරීමට තීරණය කල අධ්‍යක්ෂක මණ්ඩලය පෝල් වෝකර් වෙනුව⁣ට පෝල් ගේ බාල සොහොයුරන් දෙදෙනා යොදාගෙන රූගත කිරීම් අවසන් කරනවා 💔

Fast & Furious කතා මාලාවේ ප්‍රධානම චරිතයක් වුන පෝල් වෝකර්ට මෙම චිත්‍රපටය තුලින් ලොවපුරා මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වන ආකාරයේ සොඳුරු සමුගැනීමක් ලබාදෙන අතර

Wiz Khalifa සහ Charlie Puth ගේ සුප්‍රසිද්ධ ගීතයක් වන “See You Again” ගීතය පෝල් වෝකර්ගේ සමුගැනීම වෙනුවෙන් මෙම චිත්‍රපටය උදෙසා නිර්මාණය විය.❤️

මෙම ගීතය පසුතලයෙන් ඇසෙන විට, චිත්‍රපටය අවසානයේ වින් ඩීසල් සහ පෝල් වෝකර් රිය පදවාගෙන ගොස් මාවත් දෙකකින් වෙන්වී යන අතර,
එම මොහොතින් පෝල් වෝකර්ගේ චරිතයට සොඳුරු සමුගැනීමක් ලබාදෙන්නේ එය Fast & Furious චිත්‍රපට මාලාවේ පෝල් වෝකර්ගේ අවසන් දර්ශනය ලෙස සනිටුහන් කරමිනුයි 💔🙁

මෙම දර්ශනය ලොවපුරා ප්‍රසිද්ධ වූ අතර විවිධ Memes නිර්මාණය කිරීම සඳහා පවා යොදාගැනුනා.

පෝල් වෝකර් යනු තම මරණින් පසුව ලොවපුරා මිනිසුන්ගේ ආදරය වැඩිපුර ම ලබාගත් හොලිවුඩ් තරු අතර අමරණීය චරිතයක් !🥺❤️

චිත්‍රපටය අවසානයේ වාදනය වන “See You Again” ගීතයේ පද පෙලක් සමඟ මම සටහන නිමා කරන්නම්

“It's been a long day without you, my friend
And I'll tell you all about it when I see you again” (ඔයා නැතුව ගොඩක් දවසක් ගත උනා යාළුවා, ඒ වගේම මම ඔයාව ආයෙත් කවදහරි දවසක හමුවුනොත් ඔයා නැතුව ගෙවුනු දවස් ගැන හැමදේම ඔයාට කියන්නම්)

සුබ ගමන් සොඳුරු මිනිසානෙනි ! ❤️

✍️සටහන - Ux Charcoal