🗓| 10 years ago today, the ‘Breaking Bad’ finale was premiered.📺
ලොව විශිෂ්ටතම රූපවාහිනී කතාමාලාවක් ලෙස සැලකෙන Breaking Bad කතාමාලාව විකාශය අවසන් කර අදට වසර 10ක් සපිරෙයි.
AMC නාළිකාව ඔස්සේ 2008 වසරේ ජනවාරි 20 වනදා විකාශය ආරම්භ කර 2013 වසරේ සැප්තැම්බර් 29 දක්වා වසර 5ක් කතාසමයන් 5ක් කතාංග 62 පුරා විකාශය වූ අතිශය ජනප්‍රිය Breaking Bad කතාමාලාවේ අවසානය සනිටුහන් කරමින් එහි 62 වන කතාංගය වන “Felina” කතාංගය නිකුත් වී අදට වසර 10ක් සපිරෙයි. අවසන් කතාංගය විකාශය වූ සමයේ ඇමරිකාව තුල වැඩිම පිරිසක් නැරඹූ කේබල් රූපවාහිනී කතාමාලාව බවටද එය පත් වූ අතර Breaking Bad කතාමාලාව වැඩිම විචාරක පැසසුම් ලත් රූපවාහිනී කතාමාලාව හෙවත් most critically acclaimed TV show of all time ලෙස ගිනස් වාර්තා පොතටද ඇතුලත් වී ඇත. ඒවගේ Rotten Tomatoes දර්ශකයේ පසු ගිය වසර 25 තුල නිකුත් වූ හොඳම කතාමාලාව ලෙසද පසු ගියදා එය තේරිපත් විය.
මෙම කතාමාලාව Emmy, Golden Globe, National Televisions Awards වැනි ජනප්‍රිය සම්මාන උළෙලවල් 37ට අධික ප්‍රමාණයක සම්පූර්ණ සම්මාන 248ට යෝජනා වෙමින් එයින් 92ක් දිනාගෙනද තිබෙනවා.
ඒ වගේම IMDb දර්ශකයේ ඉහළම අගයක් ලබාගත් කතාංග ලැයිස්තුවේ 6 වන ස්ථානයේ පසුවන්නේද Felina කතාංගය වේ. එහි පළමු ස්ථානයේ පසුවන්නේද Breaking Bad කතාමාලාවේ කතාංගයක් වන Ozymandias කතාංගය වීමද විශේෂත්වයක්.