Agents of S.H.I.E.L.D. විකාශය ආරම්භ වී අදට වසර 10යි.

by Yashitha Bhashana

Agents of S.H.I.E.L.D. විකාශය ආරම්භ වී අදට වසර 10යි.

Share

🗓| 10 years ago today, Marvel’s Agents of S.H.I.E.L.D. premiered on ABC.📺

Marvel’s Agents of S.H.I.E.L.D. කතාමාලාව විකාශය ආරම්භ වී අදට වසර 10ක් සපිරෙයි.

මාවල් විශ්වයට අයත් ජනප්‍රිය සහ සාර්ථක කතා මාලාවක් වන ABC නාලිකාව ඔස්සේ විකාශය වූ මෙම කතාමාලාව 2013 වසරේ සැප්තැම්බර් 24 වනදා සිට 2020 අගෝස්තු 20 දක්වා කතා සමයන් 7ක් තුල කතාංග 136ක් විකාශය වෙමින් සාර්ථක ලෙස නිමා විය.

මුලදි මෙම කතා මාලාව මාවල් සිනමා විශ්වයට (MCU) සඳහා canon හෙවත් අදාලව විකාශය වුවත් පසුව මාවල් ස්ටූඩියෝව විසින් මෙය සිනමා විශ්වයට අදාල නොවන බවට නිළවශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම කතාමාලාව Emmy, Golden Globe, National Televisions Awards වැනි ජනප්‍රිය සම්මාන උළෙලවල් බොහෝමයකදි සම්පූර්ණ සම්මාන 47ට යෝජනා වෙමින් එයින් 9ක් දිනාගෙනද තිබෙන අතර පරිශීලකයන් 222,883 ප්‍රතිචාර හරහා IMDb දර්ශකයේ 7.5/10 ඉහල අගයක් සහ Rotten Tomatoes දර්ශකයේ විචාකරක ප්‍රතිචාර හරහා 95% ඉහල අගයක් සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර 91%ක අගයක් ලබාගෙන ඇත.