මොකක්ද මේ Goat හුටපටේ???

by Menuka Risith

මොකක්ද මේ Goat  හුටපටේ???

Share

මේ ගැන මේ වෙද්දි ලොකු කතාබහක් ඇති වෙන්න පටන් අරන් තියෙනවා එක පැත්තකින් Zack Snyder සහ අනිත්පැත්තෙන් විරාට් කෝලි, රෝහිත් ෂර්මා නිසා..

ඔයාලා හැමෝම වගේ දකින්න ඇති twitter වල Zack Snyder ගෙ hashtag එකේ අගට Goat 🐐Emoji එක twitter වලින් ඇඩ්කරලා තියෙනවා කියල නිව්ස් එකක්.. “zacksnyder𓃵”

ඇත්තටම මොකක්ද මේ G.O.A.T 🐐කියල කියන්නෙ?

Greatest Of All Time කියන වචනෙ කෙටි යෙදුම තමයි මේ විදියට Goat කියල හඳුන්වන්නෙ..
ඒ කියන්නෙ ඔහු හෝ ඇය නියැලෙන ක්ශේත්‍රය තුල හොඳම කෙනා එහෙමත් නැත්තන් දක්ශම කෙනා වගේම හැම අතින්ම පරිපූර්ණ චරිතයක් වගේ දෙයක් තමයි අදහස් වෙන්නෙ..
හරියටම බැලුවොත් මේ Goat කියන යෙදුම යොදාගන්න අයට අභියෝග වෙන කවුරුත් නෑ කියන අදහස තමයි ඒකෙන් කියවෙන්නෙ..
මෑතකාලයේ විදියට ගත්තොත් හැමෝම දන්න විදියට Messi සහ Ronaldo කියන්නෙ ඒ යෙදුම පාවිච්චි කරන්න පුලුවන් සුපිරි චරිත දෙකක්..

එතකොට මේ Goat කියන වචනෙ හැම තැනකටම පාවිච්චි වෙනවද??
🐐ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි නෑ කියන එක..
මේ Goat කියන යෙදුම සාමාන්‍යයෙන් වැඩිපුරම පාවිච්චි කරන්නෙ ක්‍රීඩකයන් වෙනුවෙනුයි..
ඉතිහාසෙ ඉඳන්ම මේ යෙදුම පාවිච්චි කරලා ති⁣යෙන්නෙ ක්‍රීඩකයන්ව හඳුන්වන්න..
මේ වචනෙත් හරියට Masterpiece කියන වචනෙ පාවිච්චි කරනවා වගේ වැඩක්..
විචාරකයින් කියල තියෙන විදියට මේ Goat කියන වචනෙත් Emoji භාවිතය වැඩි වෙනවත් එක්කම අවභාවිතා වෙන සහ නිතරම දකින වෙන වචනයක් බවට මේ පත්වෙලා ඉවරලු💔

එතකොට කොහොමද Zack Snyder ට Goat Emoji එක ඇඩ් උනේ?

අපි බොරු මඩක්ද ගහන්නෙ?

• අපි ඉතින් මඩ ගැහුවා කියල මොකක් වෙන්නද🤣

අපි හරියට ඔය news එක ගැන විස්තර කරලා කියන්නම්..

පටන් ගද්දි කිව්ව⁣නෙ මේ මාතෘකාව කතා වෙන්න විරාට් කෝලි සහ රෝහිත් ෂර්මත් එක හේතුවක් කියල..
එතන ඉඳන්ම පටන් ගන්නම්…

ඉන්දියාවෙ සහ අනිත් රටවල් වල කෝලිට ආදරය කරන පිරිස කෝලිගෙ hashtag එක යටතෙ සෑහෙන්න tweets පල කරලා තියෙන නිසා පහුගිය දවසක කෝලිගෙ Hashtag එකටත් මේ අපි කියන Goat කියන Emoji එක twitter එකෙන් ඇඩ් වෙලා තියෙනවා..
ඉතින් ඔය සිද්ධිය හින්ද කලබල උන රෝහිත් ෂර්මගේ fans ලත් එක දිගට ෂර්මගෙ hashtag එකෙන් tweet පලකරන්න පටන් අරන් තියෙනවා..
ඔන්න ඒකෙ ප්‍රතිපලයක් විදියට මේ වෙද්දි රොහිත් ෂර්මටත් Goat කියන Emoji එක ඇඩ් වෙලා තියෙනවා twitter එකේ..(Add වෙලා කියන්නේ නම ටයිප් කරපු ගමන් Suggest වෙනවා)

ඒවගේම ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ නළුවන්ට මේ 🐐ටැග් එක ඇවිත් තියෙනවා

Mahesh Babu𓃵
Pawan Kalyan𓃵
Sharukh Khan𓃵
Salman Khan𓃵

හොඳම දේ තමයි මේකෙ ඉන්දියාවෙ අසභ්‍ය චිත්‍රපටි අධ්‍යක්ෂණය කරලා හි⁣රේ පවා යන්න සිද්ධ වුන
Karan Kundrra ටත් මේ Goat 𓃵 කියන emoji එක twitter එකෙන් ඇඩ් වෙලා තියෙනවා ..👉👌💦🌚🌝
එතකොට ඉතින් ඒ වගේ අයට Goat කියන Emoji එක දුන්නම එතනින් එහා විස්තර කරන්න දේකුත් නෑ🙂
අපි මේ කියන්නෙ බොරු කියල හිතෙනව නම් ඔයාලට ගිහින් ⁣මේ hashtag ගහලා බලන්න පුලුවන් ඉතින් 🌚

මීට අමතරව කිව්වොත් බාහුබලි නලු Prabhas ටත් මේ කාලය අතරතුරදිම මේ Goat Emoji එක twitter එකෙන් ඇඩ් කරලා තියෙනවා 🙂👍

එතකොට ඒවයි මේ Zack Snyder ට හම්බුන Goat Emoji එකෙයි සම්බන්ධෙ මොකක්ද???

𓃵 එතනත් වෙලා තියෙන්නෙ හරියට විස්තර හොයන්නෙ නැති අව්ල තමා.. ඒ කියන්නෙ ඔය News එක දාපු හැම Site එකකම වගේ සඳහන් වෙලා තියෙනවා මේ Emoji Hashtag එක Twitter වලින් දීලා තියෙන්නෙ Fan favorite celebrities ලට සහ ක්‍රීඩකයන්ට කියල.. ඉතින් Zack ගෙ Emoji hashtag එක දීලා තියෙන්නෙත් ඒ විදියටම තමයි..

ඔයාලා twitter එකේ බැලුවොත් තේරෙයි මේ අලුත් emoji hashtag එක ලැබුනු හැම කෙනෙක්ගෙම hashtag එක භාවිතා වෙලා අඩුම තරමින් 200-400 අතර ප්‍රමාණයක tweets ප්‍රමාණයක් එක දවසකට twitter වල post වෙනවා…
ඒ වගේම තමයි මේ හැම hashtag එකක්ම බොහෝවිට trending වුන සහ නිතරම trending වෙන hashtag…

එතකොට ඇයි එහෙනම් Zack Snyder ගෙ අලුත් Goat Hashtag එක trending වෙලා තියෙන්නෙ ?

ඒක මෙහෙමයි..⁣
මේ විදියට Goat Hashtag එක තයෙන අයගෙ hashtag කොහොමත් trending ආසන්නයට එනවා අර මම කලින් කිව්ව විදියට..
අනිත් හේතුව තමයි fans ලා මේ hashtag එකගැන බලන්න ඒ hashtag එක යොදලා tweet පල කරන එක..
ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි ඔය කියන hashtag එක trending එන්න සහ hashtag එක ලැබෙන්න හේතුව වෙන්නෙ..
ඒවගේම තමයි ගොඩදෙනෙක් විස්තර කිව්වෙ නැති උනාට restore snyder verse කියන hashtag එක තවමත් twitter වල විතරක් නෙවේ අනිත් social media වලත් share වෙනවා..

ඉතින් ඔන්න ඔය කියන ජනප්‍රිය කරුණ නිසා තමයි මේ hashtag එක twitter වලින් දීලා තියෙන්නෙ.
කට්ටියට මේ ගැන එක එක විදියට කියන්න පුලුවන්..
ඒත් අපිනම් කියන්නෙ නිව්ස් එකක් හරියට කියවලා විස්තර බලන්න කියල..
මේ නිව්ස් දාපු හැම site එකකම කියල තියෙනවා මේ emoji එක දෙන්න සතියකට විතර කලින් Twitter එකෙන් වැඩිම fan engage එකක් තිබුන පුද්ගලයන්ගෙ hashtag ගැන අධ්‍යයනය කරලා තමයි මේ අලුතින් දීලා තියෙන Emoji ටික ඒ පුද්ගලයන්ට ඇඩ් කරලා තියෙන්නෙ කියල..

දැන් මේක දකින ලංකාවේ ඉන්න මලයාලම්වේදීන් ටික
Minnal Murali එකට 𓃵 එක ගන්න try එකක් දුන්නනම් හරි 😂😂

එහෙනම් ඉතින් ආයෙත් ආයෙත් කියන්න තියෙන්නෙ ආවට ගියාට නිව්ස් කියවන්නෙ නැතුව හරියට විස්තර හොයලා බලන්න කියල තමයි ඉතින්…
වචන අවභාවිතා වෙන එකට අපිට මුකුත් කරන්න බෑ, ඒත් හරියට නිව්ස් එකක් පැහැදිලි කරලා කියන්න අපිට පුලුවන් ✌️

#SriCOM#Goat𓃵#Misleading

#බ්ලැක්පැන්තර්#HitlerJr