Jimmy Donaldson, එහෙම නැත්තන් කවුරුත් දන්න Mr Beast ඇසේ සුද හේතුවෙන් පෙනීම අහිමි වූ මිනිසුන් 1000 කට අවශ්‍ය වන සැත්කම් සිදු කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දෙමින් ඔවුන්ට නැවත පෙනීම ලබා දීමට කටයුතු කළා.
අක්ෂි වෛද්‍ය Jeff Levenson තමයි මේ සැත්කම්වල සියලු කටයුතුවලට මූලිකත්වය ගත්තේ.
ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම විනාඩි 10 ක පමණ සැත්කමක්, එහෙත් එය සිදු කර ගැනීමට නොහැකිව ලොව වටා මිලියන 200 ක් පමණ අන්ධභාවයට පත් වී ඉන්නවා.
Mr Beast ට මේ වන විට මිලියන 132ක් යූටියුබ් ග්‍රාහකයන් ඉන්නවා. මිය යාමට පෙර උපයාගත් සියලු ධනය මහජනතාවට ලබා දීමයි ඔහුගේ අරමුණ.
~ විකුම් හර්ෂණ ~