පහුගිය දවස් ටිකේදි වැඩියෙන් කතා බහ උන දෙයක් තමයි Ezra Miller Hawaii වලදි arrest වුන සිද්ධිය..ඉතින් ඔන්න ඒවගේම තවත් සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා
පහුගිය කාලෙ Eternals වල Druig සහ The Batman Movie එකේ Joker Character හරහා ටිකක් වැඩිපුර කතාබහක් ඇතිවෙලා තියෙන 29 හැවිරිදි Barry Keoghan අයර්ලන්තයේ ඩර්බින් වලදි පොලිස් අත් අඩංගුවට පත් වෙලා තියෙනනා පහුගිය 10 වෙනිදා උදේ…
10වෙනිදා උදේ 6.45 ට විතර නිවසක් ඉදිරිපිට බීමතින් වැටී සිටීම තමයි මේ විදියට අත් අඩංගුවට පත් වෙන්න හේතු වෙලා තියෙන්නෙ.. Public Orders යටතේ මේ විදියට පුද්ගලික නිවාසයක් අතර බීමතින් වැටිලා හිටපු නිසා තමයි Barry පොලිස් අත්අඩංගුවට පත්වෙලා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නෙ .
කොහොම උනත් ඉතින් Barry ගෙන් වෙන කිසිම හානියක් හෝ තර්ජනයක් නිවාසය අයිති පුද්ගලයින්ටවත් වෙනත් අයටවත් සිද්ධ වෙලා නැති නිසා අමතර දඩ කිසිම දෙයක් නැතුව Barry ව Public Orders කඩ කිරීමේ දඩ මත විතරක් අධිකරණයෙන් නිදහස් කරලා තියෙනවලු..
වෙලාවට ඉතින් Barry කිසිම හානියක්.කරලා නැත්තෙ ..නැත්තං ඉතින් ඒකෙ බලපෑමත් ඔහුගෙ ඉස්සරහට Release වෙන්න තියෙන Film වලට ලොකුවටම බලපාන්න තිබුනා
Via: The Direct